දේශීය පුවත්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතා; පසුගියදා දිගන, අඹකොටේ ආදී ප්‍රදේශවල වාර්තාවූ භූ කම්පන පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටින්නේ, දිගන ප්‍රදේශයේ සිදුකෙරෙමින් පවතින හුණුගල් කැඩීම මහනුවර ප්‍රදේශයේ ඇතිවන භූකම්පන සඳහා බලපාන බවයි.

තවද, පසුගියදා හයවැනි වරටත් වාර්තා වූ භූ කම්පන රික්ටර් මාපකයේ එකක් දෙකක් ලෙස සඳහන් වුවත් මීළඟ කම්පන පිළිබඳ ප්‍රමාණාත්මකව කිව නොහැකි බවත්, හුණු ගල් කැඩීම කඩිනමින් නැවත්වීමට පියවර නොගතහොත් මහවැලි නිම්නයේ ජලාශයෙන් පහළ ප්‍රදේශය බරපතල අවදානමකට ලක්වන බවත්, මහාචාර්ය අතුල සේනාරත්න මහතා අවධාරණය කරයි.

සුළු කම්පන තත්වයන්ට ජලාශ වේල්ල ඔරොත්තු දෙන බවත් වේල්ලක් සඳහා දැරිය හැකි උපරිම කම්පන පරිමාව රික්ටර් මාපක 3.5ක් පමණ වන බවද මහාචාර්ය අතුල සේනාරත්න වැඩිදුරටත් පවසා තිබේ.

තවද, වික්ටෝරියා ජලාශයේ වර්ග ඵලයෙන් 50%ක ප්‍රමාණයක් හුණුගල් ආශ්‍රිත නිම්නයේ පිහිටා ඇති බවද ඔහු සඳහන් කරයි.

මහාචාර්ය අතුල සේනාරත්න වැඩිදුරටත් පවසා සිටින්නේ,

“මේවනවිට අපිට වාර්තා වී ඇති කරුණක් තමයි ජලාශය වටවී ඇති කඳු ආශ්‍රිතවත් හුණුගල් කැණීම් කටයුතු සිදුවන බව. මේ භූමිය ආශ්‍රිතව පවතින වැඩි ප්‍රමාණය හුණුගල්. මේවා ඉක්මණින් වෙනස්වීම්වලට භාජනය වෙන පාෂාණ විශේෂයක්. ඒකතමයි අපි කියන්නේ විධිමත් පරීක්ෂණයක් කරනකම් හුණුගල් කැඩීම නවත්වන්න කියලා. “



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More