දේශීය පුවත්

කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියේ කොවිඩ්19 වෛරසය මර්දනය දැන් බලවත් අභියෝගයක් වෙමින් ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ” අද වන විට මෙරට දිස්ත්‍රික්ක 25න් 20කින්ම රෝගීන් වාර්තා වෙමින් තිබෙනවා රට පුරා රෝහල්වල දැඩි සත්කාර ඒකකවල ඇත්තේ ඇඳන් 700කට ආසන්න ප්‍රමාණයක් පමණයි කොවිඩ්19 වෛරස් ආසාදන රෝගීන් සඳහා ඇත්තේ සාමාන්‍ය ඇඳන් 10000 අඩු ප්‍රමාණයක්. පවතින තත්වය තුළ දිනපතා අසාමාන්‍ය අගයකින් රෝගීන් වාර්තා වුවහොත් අවශ්‍ය ඉඩ පහසුකම් මදි වීමෙන් දැඩි අසීරුතාවයකට පත් වීමට ඉඩ තිබෙනවා” යැයි පවසා සිටියේය.



4 thoughts on “කොවේඩ්19 වෛරසය මර්ධනය දැන් බලවත් අභියෝගයක් -රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ”

  1. නිකන් මිනිස්සු බය කරන්නේ නැතුව බොරු කියන්නේ නැතුව හෙළ වෙදකමට ඉඩ දෙනවද? සනීප කරන්න පුළුවන් කියලා කී දෙනෙක් කීවද? ඇයි මේ බටහිර සුව කරන්න බැරිනම් අනෙත් අයට ඉඩ දීලා බලන් ඉන්න බැරි ඉරිසියාව… මනුස්සයෙක් මැරුනම සල්ලි හම්බ වෙනවද?

  2. ඕක අබියෝගයක් newei. බය නොවී ඉන්න. එකම පිළිතුර dammika බණ්ඩාර මහතාගේ හෙළ බෙහෙත. එය රජයේ මැදිහත්වීමෙන් ජනතාවට ලබා දිය yuthui ඒ හරි maathraawa. එඉන් mulu රටම සුවපත් වනවා. ඒ ගැන කිසිත් සැකයක් ඇති කර නොගත yuthui

  3. මේක බෙහෙතක්ද, ඉනාවක්ද?. රාජපක්ෂලා වශීබෝල වන වන ජනතාව අතරට යන්නේ ඔවුන්ව වශී කරගන්න. ඥානක්කා, ගංගා මෑණියෝ සහ තවත් සාස්තරකාරයන්, කට්ටඩියන් පස්සේ යන්නේ ගුප්ත බලයෙන් හැමදාම රජ වී ඉන්න. කරන තරමක් කරන්නේ යන්ත්‍ර, මන්ත්‍ර, ගුප්ත වැඩ. එහෙම එකේ මේකත් බයියන්ට පොවලා, දැන් අාණ්ඩුව අප්පිරියාවෙලා තියෙන එක වෙනස් කරගන්න කරන දෙයක් කියලා ජනතාවට හිතෙන එක ස්වභාවිකයි

  4. 1992 දී අපගේ පරිගණක ආචාර්යතුමා පත්තරයක පළ වූ ලිපියක් ගෙනවිත් පෙන්නුව. එහි තිබුණේ පරිගණක වෛරස් වලට කරවිල හොඳයි කියා දේශීය වෛද්‍යවරයෙකු විසින් දමා තිබූ ලිපියකි

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More