කිරිගවයන් 2000ක් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් වේ. මෙම වැඩසටහනේ පළමු පියවර ලෙස ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් පොළොන්නරුව ගොවිපොළේ අක්කර 1000ක එළදෙනුන්ට ආහාර සකස් කිරීමේ ව්‍යාපෘතියෙන් (පෝෂණ තෘණ සයිලේජ් බේල්) ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම ව්‍යාපෘතිය සඳහා අදාළ අක්කර 1000ක භූමි ප්‍රදේශයේ බඩඉරිඟු හා සෝගම් වගාකර ගව ආහාර (යන්ත්‍රාණුසාරයෙන් බේල් කරන ලද සයිලේජ සෑදීමට) නිෂ්පාදනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත සම්පූර්ණ ප්‍රාග්ධන වියදමින් 60%ක් වෙනුවෙන් රජයේ දායකත්වය ලබාදීමටද කැබිනට් මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍යාංශයට අනුමැතිය ලබාදී ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...