අය කර ගත් වන්දි මුදල්වලින් පසුගිය වසරේ ඔක්තෝබර් මස 15 වැනි දිනට නිරවුල් නොකළ ශේෂය රුපියල් අසූ හතර ලක්ෂ පනස් එක්දහස් දෙසිය හැත්තෑහතක් බව කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය පවසයි.
එම කාර්යාලය මේ බව පවසන්නේ ‘සේවක වන්දි කෝටි 845ක් හිරකරගෙන’ යන සිරස්තලය යටතේ අප පත්‍රයේ මුල් පිටුවේ ඊයේ (08 වැනිදා) පළ වූ පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.
ජාතික විගණන කාර්යාලයේ 2020. 01. 17 දිනැති මූල්‍ය හා කාර්ය සාධන විගණන වාර්තාව පරිදි නිරවුල් නොකළ ශේෂය එපමණක් බව සඳහන් කරන එම කාර්යාලය එම මුදලින් ද මේ වන විට ඉතිරිව ඇත්තේ රුපියල් තිස් දෙලක්ෂ අසූ හතර දහස් හයසිය අසූ හතරක් බව ද ප්‍රකාශ කරයි. එම මුදල් ද නිරවුල් කිරීමට නොහැකි වී ඇත්තේ නඩු විභාගය පැවැත්වෙන අතර කොටස් වශයෙන් වන්දි මුදල් තැන්පත් කිරීම, තීන්දුවට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීම හා නියමිත පරිදි වන්දිලාභීන් ඉදිරිපත් නොවීම යන හේතු මත බවත් එම කරුණු පැහැදිලි කිරීමේ ලිපියේ සඳහන් වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...