අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් නැගෙනහිර පළාත් සභාව පොතුවිල්හි උප අධ්‍යාපන කලාපයක් පවත්වාගෙන යන බව ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඊයේ (8 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.
පොතුවිල්හි උප අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු අවසරයක් දී නැතැයි ඇමැතිවරයා ජනවාර්ගික පදනම මත අධ්‍යාපන කලාප කාර්යාලයක් පිහිටුවීම ප්‍රතික්ෂේප කරන බවද පැවැසුවේය.
මේ මගින් රටේ බෙදීම් ඇතිවන අතර උප අධ්‍යාපන කලාප කාර්යාලයක නිලධාරීන්ට අමාත්‍යාංශය මගින් රාජකාරි පැවැරීමක් ද කර නැතැයි ඇමැතිවරයා කියයි. එහෙයින් නව අධ්‍යාපන ප්‍රතිසංවිධානයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්.එම්. මුෂාරෆ් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවැසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...