පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු කාර්යමණ්ඩලය පෙරේදා (07 වැනිදා) සිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇත්තේ පොලිස්පතිවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් බව වාර්තාවේ.
මේ හේතුව නිසා පොලිස්පතිවරයා ඊයේ (08 වැනිදා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික ආරක්ෂක කවුන්සිලයටද සහභාගි නොවූ බව අභ්‍යයන්තර ආරංචි මාර්ග පවසයි.
පසුගිය 07 වැනිදා සිට පොලිස්පතිවරයා ඇතුළු පොලිස් මූලස්ථානයේ තුන් වැනි මහලේ වූ පොලිස්පති කාර්යාලයේ නිලධාරීන් ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුකර තිබුණේ පොලිස්පතිවරයාගේ රියැදුරුට කොවිඩ්වැ19 වෛරසය වැළඳීමත් සමග බවද එම ආරංචි මාර්ග පවසයි .
පසුගිය 07 වැනිදා සිටම පොලිස් මූලස්ථානයේ අනෙකුත් අංශවල නිලධාරීන්ට පොලිස්පති කාර්යාලයට යාමද සීමා කර තිබුණු බව පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග අනාවරණය කර සිටියේය. ඒ අනුව පොලිස් මූලස්ථානය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කර දුරස්ථ ලෙස සේවය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද කටයුතු යොදා ඇත. මේ අතර පොලිස් බුද්ධි අංශය වන පොලිස් විශේෂ කාර්යාංශයෙන්ද කොවිඩ්19 වෛරස් ආසාදිතයකු වාර්තා වීමත් සමග එහි නිලධාරීන්ද ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තාවේ.පොලිස් බුද්ධි අංශය පොලිස්පතිවරයා යටතේ ඇති අතර කොළඹ මලලසේකර මාවතේ එම කාර්යාලය පිහිටා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...