දේශීය පුවත්

මහජන උපයෝගිතා කොමිසමේ සාමාජික අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියේ මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකයන් ඉල්ලා අස් වූ බවයි.

මහාචාර්ය කපිල පෙරේරා මහතා අනාවරණය කර සිටියේ ඊයේ(08) වන විට එහි සාමාජිකයන් සියලු දෙනාගේ ඉල්ලා අස්වීමේ ලිපි මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදුන් බවයි.

කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් පිරිසක් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා විසින් මහජන උපයෝගිතා කොමිසම අහෝසි කර දමන ලෙස මහා භාණ්ඩාගාර ලේකම් වරයාට යොමු කරන ලද ලිපියට දැඩි විරෝධය දැක්වීය.

කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් පිරිසගේ අදහස වූයේ ජනාධිපති ලේකම්ගේ ලිපියෙන් මහජන උපයෝගිතා කොමිසම අහෝසි කළ නොහැකි බවත් පාර්ලිමේන්තු පනතකින් පමණක් මහජන උපයෝගිතා කොමිසම අහෝසි කළ හැකි බවත්ය.

මේ සම්බන්ධයෙන් අදස් දක්වන රාජ්‍ය පරිපාලනය පිළිබඳ විශේෂඥයකු පවසා සිටියේ, මෙම මහජන උපයෝගිතා කොමිසමේ සියලු සාමාජිකයන් ඉල්ලා අස්වීම මත සම්පූර්ණයෙන්ම මහජන උපයෝගිතා කොමිසම අකර්මණ්‍ය වන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More