මීට වසර හයකට පෙර සවිකර ඇති ගල්කිස්ස දුම්රිය ස්ථානයේ චීන භාෂාව සහිත කාලසටහන් පුවරු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඉංග්‍රීසි සහ චීන භාෂාවෙන් පමණක් අදාළ කාලසටහනේ තොරතුරු සටහන් කර තිබීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යවල දැඩි ලෙස කතාබහට ලක් වී තිබෙනවා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවත් එය මෙරට භාෂා ප්‍රතිපත්තියට පටහැනි වන අතර; චීන භාෂාව සහිත පුවරු ඉවත් කර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ඇතුළත් කර අදාළ පුවරු සංශෝධනය කිරීමට පියවර ගන්නා බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කර සිටියා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...