කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ කොවිඩ්19 වෛරසය ආසාදිතයි සුවපත් කිරීමට සොයා ගත් ඖෂධයට අපේ විරුද්ධත්වයක් නැහැ-
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා ඖෂධය සාර්ථක කර ගැනීමට තම සහයෝගය ලබාදීමට සූදානම් බව පවසා සිටියේය.
එම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද පැවසීය.
ධම්මික බණ්ඩාර මහතා විසින් සොයා ගන්නා ලද ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග‍්‍රණයක් යයිද ඒ මහතා අවධාරණය කළේය.
දේශීය වෛද්‍ය ක‍්‍රමයෙන් හෝ වෙනත් ඕනෑම ක‍්‍රමයකින් වසංගතය සුව කල හැකි ඖෂධය ඉදිරිපත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් බටහිර වෛද්‍යවරුන් ලෙස තම සංගමයට නැති බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...