දේශීය පුවත්

කොළඹ රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කළ  දින 20 ක් වයසැති බිලිඳෙකු කොවිඩ්-19 වයිරසය ආසාදිත වී අද (08) සවස මිය ගිය බව රෝහල් අධ්‍යක්ෂක ජී. විජේසූරිය මහතා පැවසීය.

බිලිඳා  අද අලුයම 4.00 ට පමණ අසාධ්‍ය තත්වයෙන් රෝහලට ඇතුළත් කර ඇති අතර නිව්මෝනියාව රෝගී තත්වය උත්සන්න වී  හුස්ම ගැනීමේ අපහසුතාවය තිබී ඇත. වෛද්‍යවරුන් බිළිඳාට කෘතිම ස්වසනය ලබා දී තිබු බව අධ්‍යක්ෂවරයා කීය.

එම බිලිඳා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වූ බවත් අධ්‍යක්ෂවරයා කීය.

කොවිඩ්-19 වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය ලාබාලතම තැනැත්තා මෙම බිලිඳා බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More