දේශීය පුවත්

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම වසාදමා එහි සේවකයන් විදුළි බළ මණ්ඩලයට සහ ජාතික සැළසුම් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරන ලෙස; පසුගිය දෙසැම්බර් පළවෙනිදා ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබුන අතර කොමිසමේ සභාපති මහාචාර්ය කිත්සිරි ලියනගේ ඇතුළු සාමාජිකයන් පස්දෙනාට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල විසින් අද (08) උදෑසන දැනුම්දී තිබිණි.

එහෙත් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභා පනතේ බලතල අනුව එහි සාමාජිකයන් ඉල්ලා අස්වුවහොත් හැර ඇමතිවරයාට ඔවුන් ඉවත් කිරීමේ බලයක් නැතිවා මෙන්ම ජනාධිපතිවරයාගේ නියෝග අනුව මෙම කොමිසම අහෝසි කිරීමේ හැකියාවක්ද නොමැති අතර එම පනත අහෝසි කළ යුතු වන්නේ පාර්ලිමේන්තුව විසිනි.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ වර්තමාන සභාපති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය කිත්සිරි ලියනගේ මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, මුදල් අමාත්‍යාංශයේ නියෝජිත චන්ද්‍රා ඒකනායක, ආචාර්ය නිශාන්ත ද මෙල් සහ නීතීඥ සඳුන් ගමගේ යන සියලු දෙනා අද ඉල්ලා අස් වීමට තිරණය කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More