දිනකට රුපියල් මිලියන 27ක ආදායමක් ලබන කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරා දීමට තරයේ විරුද්ධ බව වරාය නැගෙනහිර පර්යන්තය සුරකීමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සංජය කුමාර වැලිගම මහතා පවසා සිටී. එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඉන්දියාවේ ආධාර ලබාගැනීමට අවශ්‍යයම නම් වරායේ බටහිර පර්යන්තය ඒ සඳහා භාවිතා කරනවාට වෘත්තිය සමිති එකමුතුවේ විරෝධයක් නොමැති බවයි.
“අප වෘත්තීය සමිති එකමුතුව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා, විෂය භාර අමාත්‍යයවරයා සහ වරාය සභාපතිවරයාගෙන් අවස්ථාව ඉල්ලා තිබෙනවා. නමුත් මේ වන තෙක් අපට යහපත් ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නැහැ. ඉදිරි දින කිහිපය තුළ අපේ ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ හොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට එළඹීමට අප පසු බට වන්නේ නැහැ.”යනුවෙන් වරාය නැගෙනහිර පර්යන්තය සුරකීමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සංජය කුමාර වැලිගම මහතා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...