ජාත්‍යන්තරයේ පවා කොවිඩ් -19 සඳහා එන්නතක් නිපදවා ගැනීමට දැඩි පරිශ්‍රමයක නිරත වි සිටින අවධියක කොවිඩ් 19- සුව කළ හැකි ඖෂධයක් සොයාගත හැකි වන්නේ නම් එය රටක් හැටියට පමණක් නොව ලොවක් හැටියට ද ලබන විශිෂ්ඨ ජයග්‍රහනයක් වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් තවදුරටත් සඳහන් කර සිටියේ; ඖෂධයේ සාර්ථකත්වය විධිමත්, විද්‍යානුකූල පර්යේෂණයකින් සනාථ වන්නේ නම් එම ඖෂධය ඉංග්‍රීසි ද, සිංහල ද, ආයුර්වේද ද, හෝමියෝපති ද යන්න අදාල නොවන බවත් කොවිඩ් – 19 වෛරසය සඳහා දේශීයව සොයාගෙන ඇති පැණිය සාර්ථක වුවහොත් එය අපිට ආඩම්බරයක් බවත්ය.
එම පැණියේ සාර්ථකත්වය නිශ්චය කරගැනීම සඳහා සිදුකරන පර්යේෂණ සඳහා විවුර්ත වූ මනසකින් උපරිම සහයෝගය ලබා දීමට තම සංගමය සූදානම් බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...