Uncategorized

බෙදුම් වාදීන්ගේ හිසරදයට තෙල් බෙහෙත් සපයමුද ?
පේෂලා ගම්ලත්

1987 වසරේ එක් දිනෙක ශ්‍රී ලංකාවේ අධි ආරක්ශිත ගුවන් තලය ආක්‍රමණය කරමින් අපේ යාල්පානමට ගුවන් පරිප්පු දැමීමෙන් රටේ අභ්‍යන්තර කටයුතු වලට අනවසරයෙන් කල ඇඟිලි ගැසීමෙන් නොනැවතී, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පවා බලපෑම් ඇති කිරීමට තරම් ඉන්දියාව එදා දාමරික විය.

එහි ප්‍රතිඵලයක් වන 1987 ඉන්දු ලංකා ගිවිසුම තුලින් බිහිවූ ඒකීය රාජ්‍යයක් තුල බලය විමධ්‍යගත කරන ශ්‍රීලංකා ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ගැන, එවකට සිටි ජයවර්ධන ජනපති තුමා කියා සිටියේ බලෙන් ඒමට හැදූ අය අඬගසා ගෙන්වාගත් බවයි. එනමුදු බොහෝ ඇසූ විරූ තැන් ඇති ජයවර්ධන ජනපති තුමෝ, එසේ අඬගසා ගෙන්වාගෙන සාදාගත් 13 වන සංශෝධනයට සමගාමීව ඔහුගේ පූර්ණ විධායක බලතල නොසොල්වා තබා ගත්තේය.

ශ්‍රී ලංකා ව්‍යවස්ථාව මගින් ජනාධිපතිට ලබාදී ඇති විධායක බලතල මගින්, මුදල් පරිපාලනයට සහ ව්‍යවස්ථාදායකය නොහොත් නීති සම්පාදනයට සෘජුවම බලපෑම් ඇති කිරීමේ හැකියාව ලබා දී ඇත.

ඒ අතර 13 වන සංශෝධනය මගින් පලාත් පාලන ඒකක වලට ඉඩම් බලතල සහ පොලිස් බලතල ලබා දී ඇති නමුත්, ඒ සියල්ල අභිබවමින් ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 170 වන පරිච්චේදයට අනුව නීති සෑදීමේ වරප්‍රසාදය ජනපති තුමා ඇතුලු කැබිනට් මඩුල්ලට පැවරී ඇති අතර, එතැන්හිදී ඇතිවන ප්‍රශ්ණ නිරාකරණය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලය දී ඇත.

ලෝක උරුමයක් වන සිංහරාජ අඩවිය සහ වන සත්ව සංරක්ශණ පෙදෙස් මධ්‍යම රජයට අයත් බැවින්ද 90% ක් බලතල දැනටමත් පලාත් සභා වලින් ලබාගෙන තිබෙන බැවින්ද, තව දුරටත් පලාත් සභා ඒකක වලට ඉඩම් බලතල ලබා දීම ප්‍රායෝගික නොවේ.

එදා මෙදා තුර, සිරිසේන ජනපති තුමා බලයට එන තෙක්ම සියලුම ජනාධිපති වරුන් භුක්ති විඳි විධායක බලතල තවදුරටත් පවත්වාගත යුතුද යන්න සමහරුන් අසන ප්‍රශ්නයකි.

ජනපති බලතල කප්පාදු කිරීමට පක්ශග්‍රාහී අය සලකා බැලිය යුතු කරුණු කීපයක් ඇත. පලමුව ලෝක දේශපාලනය අනුව බැලුවද සිංගප්පූරුව, මැලේසියාව, රුසියාව , වියට්නාමය සහ දකුණු අප්‍රිකාව යන රටවල් සිය විධායක බලතල වලින් උපරිම ප්‍රයෝජන ලබාගෙන දියුණු වී ඇත. දේශප්ප්‍රේමී ජන නායකයෙකු අතට විධායක බලතල ලැබුනහොත් රටක් දියුණු වන්නේ මෙසේ යයි මේ රටවල් කදිම උදාහරණ වෙති. එතැන්හිදී, දේශප්ප්‍රේමී නායකයෙකු තෝරාගනීම බුද්ධිමත් ජනතාවගේ කර්තව්‍යය වේ.

එක්සත් ජාතීන්ගේ සංගමයේ අමෙරිකානු සාම දූතිය ලෙස පෙනී සිටි සමන්තා පවර් මෙනෙවිය 2015 දී කියා සිටියේ අපේ ජනපති බලතල කප්පාදු කිරීම ගැන ඇය ඇමරිකාව වෙනුවෙන් ඉමහත් සතුට ප්‍රකාශ කරන බවයි. එනමුත් අපේ ජනපති බලතල කප්පාදු කිරීමට මුව අයාගෙන බලන් සිටිනා ඇමරිකාව, 1789 සිට අවුරුදු 229ක් පුරාවට තවමත් පූර්ණ ජනාධිපති බලතල භුක්ති විඳින්නේ මන්දැයි අප ඔවුන්ගෙන්ම අසා බැලිය යුතු නොවේද?

පොලිස් බලතල ගැන සලකා බලන විට 1988 දී උතුරු නැගෙනහිර පලාත් සභාව මගින් ස්වේච්ඡා පුරවැසි භට කන්ඩායමක් සාදා ඔවුන්ට යුද හමුදා පුහුණුවක් ලබා දීමෙන් අනතුරුව, ඔවුන් 1990 දී වෙනම රාජ්‍යයක් ඉල්ලීමට පවා පෙලඹීමෙන් පොලිස් බලතල දීමෙන් අපේ ජාතික ආරක්ශාවට ඇතිවන බලපෑම මොනවට පැහැදිලි වනු ඇත. අපේ ලක් මව පසු ගිය අවුරුදු 40ක් පුරාවට දමිල කොටින්ගෙන් පමනක් නොව ජනතා විමුක්ති පෙරමුණ වැනි ව්‍යාපාර වලින්ද බැට කෑ සැටිය අනුව පලාත් පාලන ඒකක වලට තවත් අවි හරඹ කිරීමට පොලිස් බලතල ලබා දිය යුතුද යන්න සලකා බැලිය යුතුය.

එමෙන්ම ඉන්දියානු සම්භවය ඇති දමිල ජාතිකයන් වැඩි ප්‍රමාණයක් සිටින මධ්‍යම පලාතට පොලිස් බලතල ලබාදුනහොත් ඉන්දියාව අපේ මධ්‍යම පලාත ඔවුන්ගේ සිතැඟියාවන්ට අනුව හැසිරවීමට උත්සාහ කරනු ඇත. එනමුත් ඉන්දියාවේ භාරතීය ජනතා පක්ශයේ නායක සුබ්‍රමනියම් සාමි මහතා පවා මේ සම්බන්ධයෙන් කියා සිටින වග නම්, තවමත් පලාත් පාලන ඒකක වලට පොලිස් බලතල ලබා නොදුන් ඉන්දියාව විසින් ලංකාවට එවැන්නකට බලකල නොහැකි බවයි.

පලාත් සභා වලට අවශ්‍ය තරම් බලය දී තිබියදී, දේශපාලනඥයින්ගේ පුද්ගලික බල තන්හාව නිසා ඔවුන් 13 වන සංශෝධනය මගින් තව තවත් බලය ඉල්ලා සිටිති.

එමෙන්ම විදෙස් බලවේගයන්ගේ තුරුම්පුව වන්නේ, ජනපති බලතල කප්පාදු කිරීමෙන් 13 වන සංශෝධනය බලගන්වා අපේ රට නැවතත් අස්ථාවර කර රට දෙකඩ කිරීම සහ යටත් විජිත මානසිකත්වයේ තවදුරටත් රඳවා තැබීමයි.

මේ හේතුව නිසාම රට බෙදීමට වලිකන දමිල ඩයස්පෝරාව, ඇමරිකාව සහ අනෙක් බටහිර බලවේග වලට හිසරදයක්ව ඇති ජනපති බලතල කප්පාදු කිරීමට ඔවුන් උනන්දු වීම අරුමයක් නොවේ.

13 වන සංශෝධනය ෆෙඩරල් ක්‍රමවේදයකි. එයින් දක්වා ඇති පරිදි බලය විමධ්‍යගත කල නොහැක්කේ ජනාධිපතිගේ ව්‍යවස්ථාදායක බලතල වලට එම සංශෝධනය යටත් වන නිසාය. එය මුලිනුපුටා දමන තෙක් ජනාධිපති විධායක බලතල ඉවත් කල නොහැක.

අපි බෙදුම්වාදීන්ගේ හිසරදයට තෙල් බෙහෙත් සපයන දේශද්‍රෝහියෝ වෙමුද? නැතිනම් ඊලඟ මැතිවරණයේදී 13 ඉවත් කර නව ව්‍යවස්ථාවක් රැගෙන එන දේශමාමක පුත්‍රයෙකුට බලය ලබා දී මව් බිම බේරා ගනිමුද? පිලිතුර ඔබ සතුය.

පේෂලා ගම්ලත්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More