පුරවැසි කොලම

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් මවු බිම “නිදහස්” කර ගැනීම සඳහා ඉන්දියානුවන් කරන ලද “අරගලයේදී”; “බෞද්ධ කොඩිය” ද ලෙලදුන් බව අමතක වෙමින් පවතී.

ඉන්දියාවට පෙර සිටම, ශ්‍රී ලංකාවේ ද “නිදහස” සඳහා වූ අරගලයේ පෙරටුගාමීන් වූ භික්ෂූන් වහන්සේලා සහ දෑ හිතකාමීන් අතර ශ්‍රී ලංකාවේ බෞද්ධ පුනර්ජීවනයක් වෙනුවෙන් කැපවූ හෙන්රි ඕල්කොට් මහතාගේ ද දායකත්වයෙන් මෙම “ජාත්‍යන්තර බෞද්ධ කොඩිය” 1885දී නිර්මාණය කර ඇත.

බුදු රජානන් වහන්සේගේ රශ්මි කදම්භයේ මූලික වර්ණ 05 තේමා කර ගනිමින් මෙම කොඩිය නිර්මාණය කර ඇත.

 

එනම්:

නිල් වර්ණය (Blue) – විශ්වීය කරුණාව සහ දයාව (Universal Compassion), කහ වර්ණය (Yellow) – මධ්‍යම ප්‍රතිපදාව (Middle Path), රතු වර්ණය (Red) – බුදුන්ගේ ආශීර්වාදය (Blessings of The Buddha), සුදු වර්ණය (White) – ප්‍රතිපත්තිගරුක බව සහ විමුක්තිය (Purity & Liberation), තැඹිලි වර්ණය (Orange) – ප්‍රඥාව (Wisdom)

මෙම බෞද්ධ කොඩිය ප්‍රමිතියකින් යුතුව නිර්මාණය කිරීම සදහා ඔල්කොට් මහතා මහත් දායකත්වයක් ලබා දී තිබෙන අතර පසුව එය ජපානය, නේපාලය, ටිබෙට්, තායිලන්තය, වියට්නාමය, ….. යන රටවල් වල වේගයෙන් ප්‍රචලිත වීමෙන් ජාත්‍යන්තරව ද පිළිගැනීමට ලක් වී ඇත.

හෙලීනා බ්ලැවට්ස්කි මහත්මියගේ ද උපරිම දායකත්වයෙන් ඕල්කොට් මහතා විසින් මදුරාසියේ (වර්තමාන චෙන්නායි නුවර) පරමවිඥානාර්ථ සමිතිය පිහිටුවීමට අමතරව ශ්‍රී ලංකාවේ බෞද්ධ පාසල් සහ බෞද්ධ අධ්‍යාපනික ආයතන පිහිටුවීමට පුරෝගාමී විය

එයට අමතරව, බෞද්ධ ඉගැන්වීම් ඇමරිකාවේ ප්‍රචලිත කිරීම සඳහා මහත් වූ කැපවීමකින් හෙලීනා බ්ලැවට්ස්කි මහත්මිය සමඟ එක්ව ඔහු විසින් කටයුතු කර ඇත.

බී.ආර්. අම්බෙඩ්කාර් මහතා විසින් ඉන්දියාවේ බෞද්ධ පුනර්ජිවනය ඇති කිරීමට වසර 50කට පෙර එනම් 1891 වසරේදී අනගාරික ධර්මපාල තුමා විසින් ඉන්දියාවේ බෞද්ධ පුනර්ජීවන කටයුතු ආරම්භ කර ඇත.

ඉන් වසර දෙකකට පසු එනම් 1893දී ඇමරිකාවේ චිකාගෝ නුවර පැවති ලෝක ආගමික පාර්ළිමේන්තුව, හින්දු ආගම ස්වාමි විවේකානන්ද නියෝජනය කරද්දී බුද්ධාගම වෙනුවෙන් එම පාර්ළිමේන්තුව අමතා තිබෙන්නේ අනගාරික ධර්මපාල තුමා බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.

ඒ අතර අනගාරික ධර්මපාල තුමා විසින් දකුණු ඉන්දියාවේ දාලිත් වරුන් අතරට බුදු දහම ප්‍රචලිත කිරීම ඕල්කොට් තුමාගේ පරමවිඥානාර්ථ සමිතිය මාර්ගයෙන් කිරීමට ද ඉමහත් වෙහෙසක් දරා කටයුතු කිරීම වෙසෙසින්ම අගය කළ යුතුය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More