දේශීය පුවත්

මහජන උපයෝගීතා කොමිෂන් සභාව අහෝසි කිරීමට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා යැවූ ලිපිය පිළිබඳ ඊයේ (07) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඇමැතිවරු ගණනාවක් අදහස් දැක්වූ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද(08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ කාර්යභාරය කුමක්ද, එය ඉටු නොවේනම් ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග කුමක්ද යන්න දීර්ඝ සාකච්ඡාවක් සිදු කළ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් අදාල කොමිෂන් සභාව අහෝසි කරනවානම් අහෝසි කළ යුත්තේ ලිපියකින් නොවන බවත් එය පනතක් මගින් අහෝසි කළ යුතු බවත් පෙන්වා දෙන ගම්මන්පිල මහතා එනිසා එය අහෝසි කිරීමක් සිදුවී නොමැති බවද කියා සිටියේය.

නමුත් ඒ පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ වීමක් පමණක් සිදු කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එහිදී කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අරමුණ ඉෂ්ට වෙනවාද යන්න ප්‍රශ්නයක් බවත් එය අහෝසි කිරීමට නම් ලිපියක් බැරි බවත් එය කල හැක්කේ පාර්ලිමේන්තුවට ගෙන එන පනතකින් පමණක් බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More