දේශීය පුවත්

කොවිඩ් මර්දන දේශීය ඖෂධය පිළිබඳව රජය සාධනීය බලාපොරොත්තු තබා සිටින බව රජයේ සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.

මේ අතර කොවිඩ් මර්දන එන්නත්වල ලංකාවේ කොටස ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සාකච්ඡා කළ බවද කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

“ඇත්තටම දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම එන්නත් ලෝකයේ සෑම රටකටම සමානව ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. එහිදී ශ්‍රී ලංකාවේ කොටසත් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සාකච්ඡා කොට ඉල්ලීම් කරලා තියෙනවා. එම එන්නත්වල නිෂ්පාදන ධාරිතාවයත් සමග ලංකාවටත් එම එන්නත් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කරනවා. ඒ සමගම ලංකාවේ දේශීය ආයුර්වේද නිෂ්පාදන හැටියට ලබාදීල තියෙන ඖෂධ පිළිබඳවත් සමාජයේ කථිකාවතක් ඇතිවෙනවා. ඒ පිළිබඳවත් රජය ධනාත්මකව සලකාබලන බව අප සතුටින් ප්‍රකාශ කරනවා. මේ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව බටහිර වෛද්‍යවිද්‍යානුකූලව එම ඖෂධයන් සාධනීය තත්ත්වයකට පත්කර, සැකහැර දැනගැනීමෙන් පසුව තමයි සාමාන්‍යයෙන් ලබාදීමේ ක්‍රමවේදය තියෙන්නේ. එයින් ප්‍රතිචාර දක්වන්නේ නම් කෙටිකාලීන පියවරක් ලෙස එම ඖෂධය ලබාදීමට බටහිර වෛද්‍යවරුත් කැමතිවෙලා තියෙනවා. එක පැත්තකින් එන්නත ක්‍රියාකාරී බව පෙන්නුම් කරලා තියෙනවා. ඒ නිසා ඉදිරි මාස 3ත් 6ත් අතර ලෝකයත් අපේ රටත් මේ අර්බුදයෙන් මිදෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් ද එහිදී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=146257



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More