පුරවැසි කොලම

(2017 ජුලි 28 දින ලංකාදීප පත‍්‍රයේ් ‘‘ප‍්‍රදීපය කොළමේ’‘ පළවූ ගම්මන්පිල මහතාගේ ලිපියට පිළිතුරු ලෙස මෙම ලිපිය 2017.08.08 දින ලංකාදීප පත‍්‍රයේ පළවිය)

ගම්මන්පිල මැතිතුමා තම ලිපිය ආරම්භයේදීම ත්‍රෛනිකායික මහනායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනාව විකෘති කිරීම ඉතා කණගාටුදායකය. විශේෂයෙන්ම උන්වහන්සේලාගේ ඉල්ලීම පිළිනොගනිමින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ රැුදී සිටිය යුතු බවට ප‍්‍රබල මතයක් ඉදිරිපත් කරන අයෙක් ලෙස එතුමා විසින්ම එම ප‍්‍රකාශය විකෘති කිරීම වරදකි. උන්වහන්සේලා කිසිදු සැක සංකාවක් ඇති නොවන ලෙස ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කළේ මේ මොහොතේදී නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නැති බවය. ඒ අනුව ඒ ස`දහා වන ක‍්‍රියාවලියද අවශ්‍ය නැත.

ගම්මන්පිල මහතා විසින් ‘‘ව්‍යවස්ථා සංශෝධනයක්’’ අවශ්‍ය නැති බවට වූ දෙවන නිර්දේශය හළන්නේ ‘‘සිතා මතා’’ නම් එවැන්නක අවශ්‍යතාවය තිබෙන තවත් පිරිසක් ද සිටිති. එම පිරිස බොහෝ විට එතමාට උපදෙස් දෙන්නන් ලෙස හඳුනාගත හැකි අතර ඔවුන් විසින් නිර්දේශ කරන්නේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම වරදක් නොවන බවය. ඔවුන් තම විරෝධය එල්ල කරන්නේ නව ව්‍යවස්ථාවකට අදාලව පමණි. ගම්මන්පිල මහතාද තම ලියවිල්ලෙන් කරුණු දක්වන්නේ නව ව්‍යවස්ථාවකට එරෙහිව පමණි. මේ වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත‍්‍රී පාර්ශ්වයද තමා නව ව්‍යවස්ථාවකට එක`ග නොවන බව පමණක් නොව විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීමට ද විරුද්ධ බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කොට ඇත.

ගම්මන්පිල මහතා විසින්ම පිළිගන්නා පරිදි සකස් කරමින් පවතින නව ව්‍යවස්ථාව විදේශිකයින්ගේ බලපෑමට අනුව ඉදිරිපත් කිරීමට නියමිත විනාශකාරී එකකි. ඒ අනුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය නම් වූ ගර්භයෙන් උපදින්නට යන්නේ යක්‍ෂ පැටියෙක් බව එතුමා විසින් පිළිගනියි. එසේනම් විනාශකාරී බව ඉතා හොඳින්ම දන්නා ඒ යක්‍ෂ පැටියා උපදින තෙක් තිඹිරිගෙය තුළම රැුදී සිටිය යුතු බවට එතුමා විසින් තර්ක කරන්නේ කුමන නොදන්නා දේ දැන ගැනීමට ද? සමහර විට එසේ කරන්නේ යක්‍ෂයාගේ වර්ණය හෝ කෙස්, නිය සහ දත් වල දි`ග පළල අවසාන දශමස්ථානයට දැන ගැනීමට විය යුතුය. එහෙත් යකෙක් නම් ඌට භයානක නිය, කෙස් සහ දත් තිබෙන බව සාමාන්‍ය ගැමියෙක් වුවද දන්නා කරුණකි.

්දරු උපතකට පෙර දරුවාගේ ගැහැණු, පිරිමි බව උස, බර සහ හෘද වස්තුවේ නිරෝගී බව හෝ උපදින දිනය ආදිය පිළිබඳව නිශ්චිතව කරුණු දැක්වීමට හැකිවාන සහිත විශේෂඥ වෛද්‍යවරු සිටිති. නමුත් බොහෝ විට සාමාන්‍ය වෛද්‍යවරයෙක්ට එවැන්නක් සඳහා ‘‘ස්කෑන්’‘ පරික්‍ෂණයක් කිරීමට හැකියාව සහ දැනුම නැත. විශේෂඥ වෛද්‍යවරයා ‘‘ස්කෑන්’’ පරික්‍ෂණයේදී දකින්නේ කැමරාවකින් ලබා ගන්නා ඕනෑම අයෙක්ට දැකිය හැකි පින්තුරයක් වැනි දෙයක් නොවේ. ඔහු තිරය මත පතිත වන දර්ශනය නිර්වචනය කොට අදාළ උපදෙස් ලබාදේ. ඒ නිසා උපදින්නට පෙර දරුවාගේ විස්තර දැන ගැනීමට නම් ගම්මන්පිල මහතා සාමාන්‍ය වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගන්නවා වෙනුවට විශේෂඥ වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගත යුතුය.

1976 වඩුකොඩෙයි සම්මේලනයේ සිට 1986 තිම්පු සාකච්ඡුා පසුකරමින් බෙදුම්වාදීන් ඉල්ලා සිටියේ මොනවාදැයි ගම්මන්පිල මහතා නොදන්නේද? ඉන් පසුව 2006 සර්වපාක්‍ෂික සමුළුවේදී බෙදුම්වාදීන් සතුටු කිරීම සඳහා මහාචාර්ය තිස්ස විතාරණ මහතා සහ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා නිර්දේශ කළේ මොනවාද යන්න ඊට සහභාගී වූ ගම්මන්පිල මහතාට රහසක් නොවේ. එසේම ඉන්දු ලංකා ගිවිසුම මගින් ෆෙඩරල් රාජ්‍යයක් ලබාදීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු කිරීමට උත්සාහ කළ දේ සහ ඊට යම් බාධක පැනවීම සඳහා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කළේ දේ ඔහු නොදන්නේද? ඊට අමතරව පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයවත් නොමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් බෙදුම්වාදීන් සතුටු කිරීම ස\හා ලබාදීමට සූදානම් වන දේ සහ එතුමාට කළ හැකි සහ කළ නොහැකි දේ කුමක්දැයි වටහා ගැනීමට මහා උපායමාර්ගික ඥණයක් අවශ්‍ය වන්නේ නැත. ඒ ස`දහා ව්‍යවස්ථා මණ්ඩලය තුළ දිගින් දිගටම රැු`දී සිටීමට අවශ්‍යවන්නේ නැත. සිංහල බෞද්ධයාට රිදවීම සඳහා කවුරුන් විසින් කුමන යෝජනා ඉදිරිපත් කළත් බුද්ධාගමට හිමි තැන හෝ ඒකීය වචනය ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට ආණ්ඩුවට හැකියාවක් හෝ උවමනාවක් නැත. එවැන්නකට උත්සාහ කොට පාර්ලිමේන්තුවේ ‘‘තුනෙන් දෙක’’ අහිමිකර ගැනීමට තරම් බෙදුම්වාදීන් අඳ බාලයින් නොවේ. එවැනි කරුණු අතිශයෝක්තියෙන් ඉදිරිපත් කෙරෙන්නේ ආණ්ඩුව සැබෑ ලෙසම සැලසුම් කරන දේ සැ`ගවීම සඳහා ව්‍යාජ ඝෝෂාවක් ඇතිකොට ගම්මන්පිල මහතා වැන්නවුන් ඇන්ඳවීම සඳහා බව දැන් ඉතා පැහැදිලිව පෙනේ.

සුමන්තිරන් මන්ත‍්‍රිවරයා කියන පරිදි ඔවුන්ට ලේබල් වැදගත් නැත. ඔවුන්ට වැදගත් වන්නේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක කිරීම වැලැක්වීම සඳහා ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් දැමූ තිරිංග ඉවත්කර ගැනීම පමණි. එවිට වෙනම රාජ්‍යයකට ආසන්න බලතල සහිත ඉන්දියාවටත් වඩා බලවත් අංග සම්පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක්, ෆෙඩරල් ලේබලය නොමැතිව, ලබාගත හැක. ඊට වැඩි දේ ලබාගැනීමට සහ සිංහල බෞද්ධයාට රිදවීමට බොහෝ අයට උවමනාව තිබුණද ඔවුන් තමා අතට ලැබුණු අවස්ථාව අහිමිකර ගැනීමට තරම් අඳබාලයන් නොවේ. බෙදුම්වාදීන්ට අවශ්‍ය පරිදි ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා බලයෙන් පහකිරීම අත්‍යවශ්‍ය කොන්දේසියක් වූ බවට කෙතරම් සාක්‍ෂි තිබේද? ගම්මන්පිල මහතා ඒවා හදාරා ඇති බවට සැකයක් නැ. එහෙත් දැන් එතුමන්ලා විසින් සහය දක්වන්නේ තමාගේ නායකයාගේ පරාජය තුළින් උපත ලබන සහ එම පරාජයට මුල් වූ ක‍්‍රියාවලියකටය. දැන් ආණ්ඩුව ඉතා ඉවසීමෙන් සහ ඉතා සුක්‍ෂමව විපක්‍ෂය සම`ග ‘‘එක පදයට පය තබන බව’’ පෙන්වන්නේ තම දුෂ්කර වගකීම කෙසේ හෝ ඉටු කිරීම සඳහා මිස ගම්මන්පිල මහතා හිතන ආකාරයට ඔහුගේ ‘‘කාලය මැරීමේ’’ උපක‍්‍රමයකට ආණ්ඩුව හසුවීම නිසා නොවේ. එම කල් දැමීම කොතෙක් කාලයකට ද යන්න පිළිබඳව ගම්මන්පිල මහතාට අවබෝධයක් නැතත් යම් කාලයකට එම ක‍්‍රියාවලිය කල් දැමීම මගින් එය පරාජය කිරීම සහතික කළ නොහැකි බව එතුමා විසින් වටහාගත යුතුය. එය සහතික කළ හැක්කේ ආණ්ඩුව විසින් ඇටවූ උගුලට විපක්‍ෂය විසින් තබා ඇති පය හැකි ඉක්මනින් ඉන් ඉවත්කර ගැනීම මගින් නොවේද? මහානායක හිමිවරුන්ගේ ප‍්‍රකාශය නොසළකා හැරීම වරදක් වන්නේ ඒ දේශපාලන යථාර්තය තුළය.

1972 ව්‍යවස්ථාව සම්පාදනය කළ බණ්ඩාරනායන මැතිණියට ව්‍යවස්ථා සම්පාදක සභාවක් පිහිටුවීම ස\හා මැතිවරණයේදී මහජන අනුමැතිය ලැබුණු අතර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලය ලැබුණි. ජේ.ආර්. ජයවර්ධන මහතාට 1978දී මහජන අනුමැතියක් නොතිබූ නමුත් පාර්ලිමේන්තුවේ හයෙන් පහක බහුතර බලයක් ලැබුණි. නමුත් වර්තමානයේදී නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා ජනවරම ඇතැයි පාරම්බාන ආණ්ඩුවට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය පිහිටුවීම සඳහා මහජන වරමක් හෝ ව්‍යවස්ථාව අනුමත කරගැනීම ස\හා පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක පැහැදිලි බලයක් නැත. එවැනි තත්වයක් තුළ ගම්මන්පිල මහතා විසින් එවැන්නක් තිබෙන බවට ව්‍යාජ අංක ගණිත සුත‍්‍ර ඉදිරිපත් කිරීම කණගාටුදායකය. මහමැතිවරණයේදී නව ව්‍යවස්ථාවක් සඳහා බලය ඉල්ලා සිටි රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර බලයවත් නැත. ජනාධිපතිතුමා ජනාධිපතිවරණයේදී නව ව්‍යවස්ථායවක් පිළිබඳ පොරොන්දුවක් දුන්නේ නැත. ඔහු කියා සිටියේ ජනමත විචාරණයක් අවශ්‍ය නොවන සංශෝධන සිදු කරන බව පමණි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ මුහුණ පෙන්වා බලයට පත් වූ ඒකාබද්ධ විපක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයේ මන්ත‍්‍රිවරුන් 95 දෙනා ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනවරමක් ඉල්ලා සිටියේ නැත. ඒ අනුව ජනාධිපතිවරණයේදී පොරොන්දු නොවූ, මහජන අනුමැතියක් නොලැබුණු සහ ව්‍යවස්ථාවට අනුව පිහිටුවීම සඳහා පප‍්‍රතිපාදන නොමැති ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීම ආණ්ඩුවට වාසි සහගත ලෙස සාධාරණිකරණය කිරීමට උත්සාහ කරන්නේ ලෝකයේ කුමන රටක විපක්‍ෂයක්ද?

සැබෑ ලෙසම තමා අමාරුවේ දැමූ ආණ්ඩුවකට උදව් කිරීමට උවමනාවක් විපක්‍ෂයට නොතිබුණා නම් ඔවුන් විසින් කළ යුතුව තිබුණේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට සහය නොදී අවශ්‍ය නම් තේරිම්කාරක සභාවක් පත්කරන ලෙස අභියෝග කිරීමය. එය සාධාරණීකරණය කිරීම සඳහා ඔවුන්ට ඕනැවටත් වඩා කරුණු තිබිණි. විශේෂයෙන්ම විපක්‍ෂනායක කම අහිමි කිරීම සහ පැරදුණු අපෙක්ෂකයින් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීම වැනි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ක‍්‍රියා නිසා ආණ්ඩුව විසින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පිහිටුවීම මගින් විපක්‍ෂයට ‘‘සුපිරි’’ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ලබානොදෙන බව තහවුරු කළ හැකිව තිබුණි. විපක්‍ෂයට එසේ මොළය පැදුනේ නම් දැන් රනිල් වික‍්‍රමසිංහ මහතා සිදු කරන ආකාරයට එතුමාගේ යෝජනා වලට සමස්ථ පාර්ලිමේන්තුවේ යෝජනා යැයි ව්‍යාජ ලේබල් ඇලවීමට ඉඩ ලැබෙන්නේ නැත. ගම්මපිල මහත්තයලා රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉගෙන ගන්නවා නම් රට මෙතරම් බරපතළ අනතුරකට වැටෙන්නේ නැත. ඔහුගෙන් ඉගෙන ගන්නවානම් ආණ්ඩුව විසින් මහා සංඝරත්නයේ මතය ඉවත දමන විට විපක්‍ෂය විසින් එම මතය හිස් මුදුනින් පිළිගන්නවා ඇත.

ගම්මන්පිල මහතාගේ ‘‘තොරතුරු දැනගැනීමේ’’ සහ ‘‘‘කල් ගැනීමේ’’ නිදහසට කාරණ පිළිබඳව තවදුරටත් වාද විවාද කිරීම අවශ්‍ය නැත. එවා ළදරු තර්ක බව දැන් ඕනෑවටත් වඩා ඔප්පු වී ඇත. නමුත් ඔහු ඉදිරිපත් කරන ‘‘ඇතුලේ’’ සහ ‘‘පිටත’’ යන දෙපළේම සිට සටන් කළ යුතුය යන තර්කය පිළිබඳව යමක් පැවසීය යුතුය. ඇතුලේ සිටිමින් ඔවුන් කළේ කුමක්ද? ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවීමේ යෝජනාවේ 11 වැනි වගන්තිය ආණ්ඩුව විසින් අමු අමුවේ උල්ලංඝණය කරමින් උප කමිටු වාර්තා වලට අදාල සාකච්ඡුා මාධ්‍යයට නිරාවරණය නොකරීම පිළිඳව ඔවුන් කිසිදු සටනක් කළේ නැත. එක් උප කමිටුවකින් ඉල්ලා අස්වූ ඩලස් අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා වෙනුවට ගම්මන්පිල මන්ත‍්‍රීවරයා පත් කිරීම සඳහා කරනු ලැබූ ඉල්ලීම ආණ්ඩුව විසින් ඉවත දමා ඔහුට එහි දොර වසන විට දොරට පයින් ගසා විරෝධය පළ කිරීමට ඔවුන්ට ධෛර්ය තිබුණේ නැත. පසුගිය නොවැම්බර් මාසයේ සිට මෙහෙයුම් කමිටු වාර්තා ස`ගවා තබා ගන්නා විට ඊට එරෙහිව ඔවුන් සටනක් කළ බව අප දුටුවේ නැත. උප කමිටු තුළ විපක්‍ෂයේ මතය නොසලකා හරින විට ඊට එරෙහි වූයේ කවුද? ගම්මන්පිල මහත්මයලා විසින් ව්‍යවස්ථා ක‍්‍රියාවලියට එරෙහිව එළියේ සටනක් කරන බවක්ද මහජනයා දන්නේ නැත. ඔහුගේ නමින් අත් පත‍්‍රිකාවක් හෝ විරෝධතා සම්මන්ත‍්‍රණයක් අප නම් දුටුවේ නැත. ගම්මන්පිල මහත්තයලා ආණ්ඩුවේ ගමනට ‘‘ගමන් පදය’’ ගසමින්, ආණ්ඩුව විසින් ඝෝෂා ඇති කිරීම සඳහා මතු කරන බුද්ධාගමට හිමි තැන අහිමි කිරීම සහ ඒකීය වචනය අහිමි කිරීම වැනි දේ ගැන දක්වන ඊනියා විරෝධයන් ව්‍යවස්ථා ක‍්‍රියාවලියට එරෙහි සැබෑ සටන් ලෙස හැඳින්විය හැකිද?

කෙසේ වෙතත් අවසාන පැයේදී හෝ ගම්මන්පිල මහතාගේ අවබෝධය පිණිස මේ පණිවිඩය ද ලබා දිය යුතුය. ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත 20 වැනි හෝ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට එරෙහිව පවතින බාධක ඉවත් කරන ප‍්‍රතිපාදන සියල්ල අඩංගු වනු ඇත. ඊට අමතරව ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් සද්භාවයෙන් තම ප‍්‍රකාශය තුළ ඇතිකළ සිදුර භාවිතා කරමින් ඡුන්ද ක‍්‍රමය වෙනස්කිරීමේ ප‍්‍රතිපාදන ද ඊට ඇතුලග් කෙරෙන බවට සැකයක් නැත. එමගින් උන්වහන්සේලාගේ මතයට ගරු කරන බවද පෙන්වනු ඇත. එසේම අධිකරණයේ නිර්දේශ මත අවශ්‍ය වුවහොත් ඉවත්කර ගැනීම සඳහා දෙවන මන්ත‍්‍රණ සභාව සහ ව්‍යවස්ථා අධිකරණය වැනි ප‍්‍රතිපාදන ඊට ඇතුලත් කෙරෙනු ඇත. එමගින් අධිකරණයේ අනුමැතියද ලැබුණ බවට තව දුරටත් ඊට සුජාතභාවය ලබා දෙනු ඇත. එසේම 4වැනි වගන්තිය සංශෝදනය කොට ඒකීය වචනය ව්‍යවස්ථාවේ තිබියදී ‘‘ඒකීය භාවය’’ නැති කරන යෝජනාද එම සංශෝධනයට ඇතුල් කරනු ඇත. ඒ සියල්ල සඳහා ජනමතවිචාරණයක් අවශ්‍ය වන්නේ නැත.

විපක්‍ෂය විසින් දැනට තෝරා ඇති උපායමාර්ගය අනුව නුදුරු දිනකදී ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට නියමිත බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනයට පාවාඩ දැමීමට ඔවුනට සිදුවනු ඇත. එම අවස්ථාවේදී නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට ඉඩ නොදුන් බවට ඔවුන් විසින් ව්‍යාජ ජයඝෝෂා නැගීමටද ඉඩ ඇත. එහිදී බුද්ධාගමට හිමි තැන සහ ඒකීය වචනය බේරාගත් බවට ආණ්ඩුවද ලකුණු දමාගනු ඇත. නමුත් එහිදී බෙදුම්වාදීන්ට අවශ්‍ය සියල්ල ලාබදීමේ පාපයෙන් ගැලවීම සඳහා ඊට ඡුන්දය නොදෙන ලෙස ගම්මන්පිල මහත්මයාලාගේ උපදේශකයින් විසින් උපදෙස් දෙනු ඇත. ඔවුන්ට ඇති එකම අභියොයෝය වන්නේ පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්‍ෂය විසින් ආණ්ඩුවට තුනෙන් දෙක අහිමි කිරීමේ අභියෝගය ජයගැනීමය. ඒ සඳහා වන හොඳම උපක‍්‍රමය වන්නේ ආණ්ඩුට තුනෙන් දෙක ගන්නට ඉඩ හැර විපක්‍ෂය විසින් ඇ`ග බේරා ගැනීම ස`දහා පමණක් විරෝධය පළකිරීමය. ත්‍රෛනිකායික හිමිවරුන් ලබාදුන් මනරම් අවස්ථාව ම`ග හැරීමේ හෙවත් උන්වහන්සේලාගේ උපදෙස් පිළිනොපැදීමේ රහස කියවාගත හැක්කේ ඒ අවසානය ගැන උපකල්පනය කිරීමෙනි.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More