දේශීය පුවත්

PCR මගඩියේ තොරතුරු හෙලිවේ

December 8, 2020 7:04 am | Lanka Lead News

සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයුම් අංශයේ ඉහළ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා; කොරෝනා වයිරසයට මුවා වී කරගෙන ගිය බව කියන පී.සී.ආර් ජාවාරම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගෙන ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කළ අඩු මිලට පීසීආර් කට්ටල තිබියදී දෙගුණයක් වැඩිපුර ගෙවා පීසීආර් කට්ටල මාෆියාවක් කරගෙන යන බවට තොරතුරු හෙළි වී තිබිණි.

සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් පිරිසක්; ඉතා අධික මිලකට ජර්මානු සමාගමකින් පමණක් පීසීආර් කට්ටල මිලදී ගැනීමට කටයුතු කර ඇතැයි බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තාවක් ලබා දී තිබුන අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියමයෙන් ඒ පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයුම් අංශයේ එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන්; එක දිගට දින තුනක් මෙලෙස ප්‍රශ්න කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අනාවරණය කළේය.

මෙම විමර්ශනවල දී පීසීආර් මාෆියාවට සම්බන්ධ ප්‍රධාන පෙළේ වෛද්‍යවරුන් සිවුදෙනකු හා රසායනාගාර නිලධාරීන් ගැනද අනාවරණය වී ඇත.

මාෆියාවට සම්බන්ධ සමාගමෙන් ලැබෙන වරදාන සැලකිල්ලට ගෙන හිතවත්කම් මත මෙම ජාවාරම කරගෙන ගොස් ඇතැයි දැනට තොරතුරු අනාවරණය වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More