පුරවැසි කොලම

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අය වැය විවාදයට එක් වෙමින් ප්‍රකාශ කර සිටියේ,කැබිනට් අමාත්‍යවරුන් යටතේ ඇති ආයතන ඔවුනටද නොදන්වා ගලවා දමන සර්ව බලධාරි නිලධාරීන් පිරිසක් සිටින බවත් එම සර්ව බලධාරි නිලධාරීන් විසින් අද වන විට කැබිනට් ඇමතිවරුන් පුලන්නන්ගේ තත්ත්වයට ඇද දමා ඇති බවත්ය. එපමණකින් නොනැවතුනු ඔහු  වෙළෙඳ අමාත්‍යාංශ වැය ශීර්ෂයේදී තමන් පළකරන ලද අදහස් පළ නොකර රජයේ දිනමිණ පුවත්පතින් කාටුන් මගින් තාමට පමණක් පහර දීමට තරම් මෙම සර්වබලධාරී නිලධාරීන් ප්‍රබල බවත් මෙම සර්වබලධාරී නිලධාරීන් විසින් ජනාධිපතිගේත් අගමැතිගේත් පාර්ලිමේන්තුවේත් බලතල අභියෝගයට ලක්කරමින් සිටින බවත් අනාවරණය කළේය.

බන්දුල ගුණවර්ධන ඇමතිතුමා විස්තර කළ සර්ව බලධාරී නිළධාරීන් සම්බන්ධව නිළධාරීන්ගේ සූක්ෂම ක්‍රියා පිළිවෙත හෙළිදරව් කරමින් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා විසින් දෙසැම්බර් 06 වන ඉරුදින ලංකාදීප පුවත් පතට ලියූ “ආර්ථික ඝාතකයන් සහ දේශීය ආර්ථිකයට ඇති බාධා” යන ලිපියෙන් පෙන්වා දී තිබුණේ ශ්‍රී ලංකාවට  ආනයනය කරණ මෙ.ටො 5000 ක් වැනි කහ ප්‍රමාණයට දැඩි සම්බාධක පනවා මෙ.ටො 90,000ක් ආනයනය කරන කිරි පිටි සඳහා කිසිදු බාධකයක් නොපැනවීමට කටයුතු කරණ බවයි. එසේම වෛද්‍යය වසන්ත බංඩාර වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වසරකට ඩොලර් මිලියන250 – 300 ක් අතර වටිනාකම සහිත එළවළු සහ පළතුරු ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බවට සංඛ්‍යාලේඛන වාර්තා තහවුරු කරණ බවත් තිරිඟු ඇට වලට කි.ග්‍රෑම් 1 කට රු. 20 ක බදු සහනයක් සහ තිරිඟු පිටි වලට රු.28 ක බදු සහනයක් ලබාදෙන අතර සහල් වලට යථාර්ථවාදී නොවන පාලන මිලක් පැනවීම මඟින් ගොවියාගේ සහ සහල් කර්මාන්තකරුවාගේ ගෙල සිරකිරීම හරහා එම ආහාර වෙළඳපොළ තුළ සිදුකරන මිල විකෘතියක් ඇති කිරීමට කටයුතු කරණ බවයි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සතොස සභාපති නුෂාඩ් පෙරේරා සීනි මිළ පහත දමනවා යැයි කියමින් කළ සීනි ආනයනයේදී කළ “තක්කඩි කමක්” පිළිබඳව පාර්ලිමේන්තුවේදී අපූරු හෙළිදරව්වක් කර තිබුණි. කෙසේ වුවද නුෂාඩ් පෙරේරා මහතා විසින් කොහෙද යන්නේ මල්ලේ පොල් පන්නයේ උත්තරයක් ලංකා සතොස ලිපි ශීර්ෂයක ලියා පළකර තිබුණු අතර මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින්ද “වටේ ගිහින් ගෙට” පන්නයේ පිළිතුරක්ද දෙනු ලැබීය. නුෂාඩ් පෙරේරා මහතා එක කඩතොල්ලක් වසා ගන්නට ගොස් කඩතොලු දෙකක් හදාගත් ඉඳුරුවේ ආචාරියාගේ කථාව සිහි ගන්වමින් ඔහුගේ කුප්‍රකට අතීතය හෙළිදරව් කරන කරුණු ගනණාවක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වෙමින් පවතී. බන්දුල ගුණවර්ධන අමාත්‍යයවරයා පවසන “සර්ව බලධාරි නිලධාරීන්” පිළිබඳවත් වෛද්‍යය වසන්ත බංඩාර එළිදරව් කරන ආර්ථික ඝාතන කුමන්ත්‍රණ සම්බන්ධවත් යම් හෝ වැටහීමක් ලබා ගැනීමට නුෂාඩ් පෙරේරාගේ අතිත කථා වස්තුව සම්බන්ධයෙන් වන අන්තර්ජාල සාහිත්‍යය විමර්ෂණය කිරීමට අප තීරණය කළෙමු.

එලියතම්බි පෙරේරා වූ අයුරු

1971 සිට 1983 දක්වා කොළඹ රාජකීය විදුහලට කොටහේන ප්‍රදේශයේ සිට පැමිණි සිසුවකු සිටියේය.ඔහුගේ නම නුෂාඩ් එලියතම්බි විය. නමුත් 1983 ජූලි කලබලවලින් පසු මේ එලියතම්බි පිළිබඳ කිසිදු තොරතුරක් නොවීය.කලකට පසුව ඩයලොග් ආසියාටා සමාගමෙන් එක්තරා චරිතයක් මතු විය.ඔහු නුෂාඩ් පෙරේරා නම් විය. ඩයලොග් ආසියාටා සමාගමෙන් මතුවූ නුෂාඩ් පෙරේරා 1971 සිට 1983 දක්වා  රාජකීය විදුහලේ ඉගෙනුම ලැබූ නුෂාඩ් එලියතම්බි මය.මේ කියන එලියතම්බි පෙරේරා බවට ඔහු විසින්ම බෞතීස්ම වන විට ඔහුගේ සමකාලීන පාසල් මිත්‍රයන් හා පැවැති සියලු සබඳතා අත් හැරීමට කටයුතු කළේය.

මුල අමතක කිරීම ව්‍යාජ ඉතිහාසයක් මවා පෑම

නුෂාඩ් පෙරේරා නුෂාඩ් එලියතම්බි ලෙස එකල රාජකීය විදුහල ඉදිරිපිට බස් නැවතුම්පොළ ළඟ 167 බස් රථයක් එනතුරු බලා සිටියේ තවත් සිසුවෙකු සමඟිනි.එම සිසුවා, නුෂාඩ් එලියතම්බිගේ  එකම පංතියේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.එකල ඔවුහු ගජ මිතුරෝ වූහ. මේ මිතුරා එක්තරා දිනක නුෂාඩ් එලියතම්බි නුෂාඩ් පෙරේරා වූ පසුව දුරකථන ඇමතුමක් ලබා ගත්තේය.නුෂාඩ් එලියතම්බි ක්ෂණික ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ තමා ඔහු නොහඳුනන බවයි.ගිනි ගහන අව්වේ සූට් කේස් දෙකක් මත වාඩි වී 167 බස් එකක් එනතුරු අවුරුදු ගණනක් එකට වාඩි වී සිටි මිතුරාට නුෂාඩ් එලියතම්බිගේ ප්‍රතිචාරය අතිශය චමත්කාර විය. දැන්, නුෂාඩ් එලියතම්බි ජනතාවගේ දුක හැඳිනිය යුතු ආයාතනයක් වූ ලංකා සොතොසෙ සභාපතිය. තමා සමඟ ගිනි ගහන අව්වේ බඩගින්නේ වේලෙමින් සිටි මිතුරා නොහඳුනන එලියතම්බි සාමාන්‍යය ජනයාගේ දුක කෙසේ හඳුනයිද?.

සතොස සීනි සහ එලියතම්බි

නුෂාඩ් එලියතම්බි අන්දරේ සීනි කෑවාටත් වඩා සරල ක්‍රමයකට  මුළු රටම “අන්දුන් කුන්දුන්” වන විජ්ජාවක් සීනිවලින් කළ බව දැන් ප්‍රසිද්ධ රහසකි.නමුත් නුෂාඩ් එලියතම්බිට කිසිවෙක් අත තැබීමට කිට්ටු වන්නේ නැත. ඊට හේතුව වන්නේ නුෂාඩ් එලියතම්බි විසින් රටේ ජනාදරයට පත්ව සිටින ප්‍රබලම දේශපාලකයකු හා සම්බන්ධ කර ගොතා පතුරුවන කථාය.

නුෂාඩ් එලියතම්බි ඩයලොග් ආසියාටා සමාගමේ ප්‍රධාන අලෙවි විධායකයා ලෙසින් කටයුතු කරන අවධියේ අප ඵැවසූ  ඉහළම දේශපාලකයාගේ පුත්‍රයා ආධුනිකයකු ලෙස  සේවයට එක් වී ඇත. නුෂාඩ් එලියතම්බි විසින් මේ කතාව තැනින් තැන පවසමින් තමා පිළිබදව භීතියක් අන්‍යයන් තුල ආරෝපනය කිරීමට කටයුතු කරමින් සිටී. සතොසේ සීනි හොරා කෑ නුෂාඩ් එලියතම්බිට මේ තත්ත්වය තුල අත තබන්නට කිසිවෙක් ඉදිරිපත් නොවේ.

එලියතම්බි කොවිඩ්19 වෛරසය සහ 20 වන සංශෝධනය

කොවිඩ්19 වෛරරසයේ දෙවැනි රැල්ලත් 20 සංශෝධනය පාර්ලිමේන්තුවෙන් අනුමත කර ගැනීමත් යන භාරධූර කාර්යයන් දෙකක් රජය ඉදිරිපිටට ආවේය.දැන් දැන් අනාවරණය වන ආකාරයට පාරිභෝගික භාන්ඩ වර්ග 4 ක තීරුබදු අඩුකිරීමට යෝජනා කර ඇත්තේ සතොස සභාපති නුෂාඩ් පෙරේරා නොහොත් නුෂාඩ් එලියතම්බි විසින්ය.පාරිභෝගිකයා සතුටුකර  රජයට ලකුණු ටිකක් රැස්කර දීමේ අරමුණින් යුතුව රු. 50ක් ලෙස ලොකු ලූණු, සීනි, පරිප්පු සහ ටින්මාලු සඳහා පනවා තිබූ බද්ද ඉවත් කිරීමට ජනාධිපතිවරයාට යෝජනා කර (දිරච්ච ලනුවක් දී) ඇත්තේ නුෂාඩ් පෙරේරා නොහොත් නුෂාඩ් එලියතම්බි විසිනි.

එලියතම්බි මේ සඳහා අමාත්‍යංශයේ කිසිදු  සාකච්ඡාවක්,මැදිහත්වීමක් සහ වෙළෙඳපොළ තොග පිළිබඳ සමීක්ෂණයක් නොකර අදාළ යෝජනාවට ජනාධිපතිතුමාගේ අනුමැතිය ක්ෂණිකව ලබා ගෙන, අරලියගහ මන්දිරයෙන්ද ඉක්මනින් අනුමත කරගෙන, පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම්ගේ ආශිර්වාදයෙන් ගැසට් නිවේදනයක් පවා  නිකුත් කරගෙන ඇත්තේ විදුලි වේගයෙනි.
සීනි කිලෝවක මිල රුපියල් 85 දක්වා අඩු කිරීමේ අරමුණින් රේගු බද්ද සීනි කිලෝවට සත 25 ක් දක්වා අඩුකර ගැනීමට නුෂාඩ් එලියතම්බි සමත්විය.එහෙත් ඒ වනවිටත් රුපියල් 50.00 බැගින්  සීනි කිලෝ එකකකට තීරු බදු ගෙවා ආනයනය කළ සීනි තොග වෙළෙඳ පොළේ ඇතිතරම් පැවැතිණි. එම තොග ප්‍රමාණය ටොන් 90,000 ක් බව කියවේ.සීනි සඳහා රේගු බද්ද රුපියල් 50 හේ සිට සත 25 කළද එක රැයින් සීනි මිල අඩු කළ නොහැකි වූයේ එබැවිනි. රුපියල් 85 ට සීනි කිලෝව දෙන්නට නම් සීනි ආනයනකරුවෝ කිසිසේත් සූදානම් වූයේ නැත.නුෂාඩ් එලියතම්බිගේ අමනොඥ තීරු බදු සහනය නිසා ආණ්ඩුවටඑක රැයින් අහිමි වූ ආදායම රුපියල් කෝටි 700 කට වඩා වැඩිය.

සජාජ් මවුසූන් ,  නුෂාඩ් එලියතම්බි සහ   ජී එල් පීරිස්

නමුත් විල්මාර් ට්‍රේඩිං සමාගමේ සජාජ් මවුසූන් නම් නුෂාඩ් එලියතම්බිගේ සීනි බද්දෙන් ගොඩ ගියේය. රජයත්, සතොසත්, මහජනතාවත් තව තවත් උගුලේම පැටළුණි. අන්තර්ජාලයේ හුවමාරු වන තොරතුරු වලට අනුව සජාජ් මවුසූන් යනු ජී .එල්. පීරිස් මහතාගේ කිට්ටුවන්තයෙකි .එසේම යහපාලන ආණ්ඩු කාලයේ මංගල සමරවීරගේ ගජ මිතුරෙකි.ඔහු රවී කරුණානායකගේ මෙන්ම මලික් සමරවික්‍රමගේද හිතවතෙකි.සිදුවීම් පෙළ ගැසෙන්නේ  නුෂාඩ් එලියතම්බි හා සජාඩ් මවුසූන් එක් වී සීනිවලින් හොරා කා ඇති බව තහවුරු වන ආකාරයටය යන්න යමෙකුට තර්ක කළ හැක. ජනතාව විසින් ඉතා දුකසේ පත්කරගත් මේ රජයට මෙතරම් විශාල පාඩුවක් සිදු කළ  සතොස සභාපති නුෂාඩ් පෙරේරා මහතාට එල්ලවන චෝදනා ඉතා බරපතලය.එනිසාම රජයේ පාර්ශවයෙන් මේ පිළිබඳව වහ වහා සොයා බැලිය යුතුවේ. එසේ කිරීමට පසුවන මොහොතක් පාසා රජය අපහසුතාවයට පත්වන පුවත් නිර්මාණය වීමට ඉඩ සැලසෙනවා ඇත..

ජීවන්ත ජයතිස්ස

(අන්තර්ජාල පුවත් වෙබ් අඩවි ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරුණි)



One thought on “මවුසූන්ලා ගොඩ යන වෙළෙඳ ඇමතිලා තප්පුලන්නන් වන ජනතාව කබලෙන් ලිපට වැටෙන එලියතම්බිලාගේ කූට උපක්‍රම”

  1. ෙම් සියල්ලම සත්‍ය වුවත් වඩා වැදගත් කරැන වන්ෙන් ගරැ ජනාධ්‍පත්තුමා නිසි ෙසායා බැලීමකින් ෙතාරව එවන් නිර්ෙද්ශ පිලිගැනීමයා

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More