දේශීය පුවත්

පොල් ඉඩම්වල වැලි කැණීම් බලපත‍්‍ර නිකුත් කිරීම වහා අත්හිටුවීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

පොල් ඉඩම්වල වැලි කැණීම් සිදුකරන හෙයින් බරපතළ පාරිසරික හානියක් මෙන්ම පොල් ඵලදාව අඩු වීම කෙරෙහිද තදින් බලපෑම් එල්ල කර තිබෙන බව පසුගිය සිකුරාදා (04දා) පාර්ලිමේන්තුවේ පැවති පරිසර අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අවධාරණය කෙරිණි.

මේ වනවිට පොල් ඉඩම්වල වැලි කැණීම් ඉතාමත් බරපතළ ලෙස සිදුවන්නේ වයඹ පළාතේ බවත්, අනෙක් පළාත්වලත් මෙම තත්ත්වය ඉතාමත් බරපතළ ලෙස සිදුවන බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

මේ දිනවල වෙළෙඳ පොළේ පොල් මිල ඉහළ යෑමට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇති කරුණු අතර මෙම තත්ත්වයද බලපා ඇති බවත්, පොල් අස්වැන්න වාර්ෂිකව පහළ යාමට මෙම වැලි කැණීම් හේතුවන බවත් මෙහිදී අවධාරණය විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More