පුරවැසි කොලම

ගංගොඩවිල සෝම හිමි ලාංකීය බුදු සසුනේ පැවිදිව, භික්ෂුන් වහන්සේ නමක් ලෙස ලාංකිය සිංහල භික්ෂු වංශය තුළ පෙරළිකාර භික්ෂුන් වහන්සේ නමකි. උන්වහන්සේ උපන් ග‍්‍රාමය වන්නේ නුගේගොඩ ගංගොඩවිල, පැගිරිවත්ත ජෝෂ්ටන් ප‍්‍රදේශයයි. අද මෙන් නාගරික පසුබිමක් නොවු එදා ඉතා ග‍්‍රාමීය පළාතක් විය. ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේගේ පියා කොළඹ නගර සභාවේ තක්සේරු නිලධාරියෙක් ලෙස සේවය කළ ධර්මදාස වීරතුංග ආරච්චි උපාසක මහතාය. මව චාලට් වීරතුංග ආරච්චිය. දරුවන් 5 දෙනෙකුගෙන් යුත් මෙම පවුල් සංස්ථාවේ ගැහැණු දරුවන් දෙදෙනෙක් ද පිරිමි දරුවන් තිදෙනෙක් විය. අද වන විට පිරිමි දරුවන් දෙදෙනෙක් හා පියා ද එම පවුලට අහිමිව ඇත.

මෙම දෙමාපියන් දෙදෙනාට සිටි දෙටුපුත් වන සෝමරත්න විරතුංග දරුවා 1948 අපේ‍්‍රල් 24 වන දින මෙලොව දුටුවේය. නුගේගොඩ ඉතා පැරණි පිරිවෙන් අධ්‍යාපන ආයතනයක් වන සුභද්‍රාරාම විහාරයේ විහාරාධිපති සිරි දේවමිත්ත නා හිමියන්ගේ මුලිකත්වයෙන් මෙම දරුවා මුලින්ම අත්පොත් තබන්න වාසනාව ලැබීය. එම යුගයේ දරුවන් පෙර පාසල් යැවීමක් සිදු නොවූ අතර මුලින්ම පළමු ශ්‍රේණියට දරුවන් ඇතුල් කර ගත්තේය. ඒ අනුව කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයට ඇතුල් වන සෝමරත්න දරුවා එම පාසලේ වසර 3 ක් පමණ අධ්‍යපනය ලබා කොළඹ 05 හැව්ලොක්ටවුන්හි පිහිටා ඇති ඉසිපතන විද්‍යාලයට ඉදිරි අධ්‍යාපනය ස`දහා ඇතුළත් විය. එම පාසලේ් සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම ලබන සෝමරත්න දරුවා ඉන්පසුව පාසල් අධ්‍යාපනය හමාර කළේය.

දෙමාපියනට කීකරුව ජීවත් වු සෝමරත්න දරුවා ඉන්පසුව පවුලේ ජීවන බරට කර දීම ස`දහා කුඩා ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඒ නිමල් රණසිහ මහතා සමගය. ඒ අනුව තම නිවස ඉදිරිපිට කුඩා කඩයක් දමාගෙන දැහැමි ජීවිතයක් ගත කළේය. ගංගොඩවිල එළවළු කොටුවක් ද වූ අතර එහි මහ පරිමාණයෙන් සිදු කරන ලද්දේ කොහිල වගාවය. ඒ ආකාරයෙන් ජීවන සටන රැුගෙන යන අතර දෙමාපියන් ආගමට දහමට ඉතා ලැදි කමක් දැක් වු නිසා සෝමරත්න යෞවනයා තම වැඩිමහල් අක්කා වන සුමනා වීරතුංග ආරච්චි මහත්මිය සමග මහරගම ධර්මායතනට නිතර ධර්ම දේශනා සවන් දීමට යාම සිරිතක් විය.

එහිදී බුදු දහම සම්බන්ධයෙන් වැඩි ඇල්මක්, අදහසක් ඇති විය. මහගරම ධර්මායතනාධිපති අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසිහ නා හිමියන් හා අම්පිටියේ රාහුල මහ තෙරුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් වයස අවුරුදු 26යේ දී සෝමරත්න විජේතුංග ආරච්චි තරුණයා ගංගොඩවිල සෝම නමින් උතුම් පැවිදි දිවියට ඇතුල් විය.

පාසල් අධ්‍යාපනයෙන් විධිමත් අධ්‍යාපනයක් ලබන්නට හැකි වුයේ මහරගම ධර්මායතනය තුළ දීය. සාමණේර නමක් ලෙස මහරගම භික්ෂු පුහුණු මධ්‍යස්ථානයට පැමිණි උන්වහන්සේ ඉහත ම වසර 17 පෙර අපවත් වූ ගංගොඩවිල සෝම හිමියෝ හානාහිමිවරුන් වහන්සේලාගේ අනුශාසනා මැද සාමණේර භික්ෂුවට අවශ්‍ය ධර්ම අවබෝධය ඉතා කෙටි කාලයකින් ලබා ගත්තේය. ඉන්පසුව උපසම්පදාවට අවශ්‍ය ප‍්‍රාතිමෝක්ෂය වැනි විනය කරුණු සම්බන්ධයනේ අවබෝධයක් ලබා ගැනීමට හැකි වු නිසා 1976 දී අධි ශීල උපසම්පදාව ලැබීමටද වාසනවා උදාවිය.

අද වැඩ සිටින තරුණ භික්ෂුන් වහන්සේලාට ආදර්ශයක් ලබා දෙමින් ගංගොඩවිල සෝම හාමුදුරුවෝ පාලි බසින් බුදු දහම පිළිබඳ ලියැවුණු ග‍්‍රන්ථයන් අධ්‍යයනය කරන ලදී. තරුණ පරම්පරාව බුදු දහම අනුව හැඩගැස්වීම සෝම හාමුදුරුවෝ ප‍්‍රධාන පරමාර්ථය විය. මේ ස`දහා හොද ප‍්‍රවේශයක් ලෙස උන්වහන්සේ විසින් පිහිටුවා ගනු ලැබු ”‍තරුණ සවිය”‍ නමැති සංවිධානය ස`දහන් කළ හැකිය. බුදුන්වහන්සේ විසින් උගන්වනු ලැබු භාවනාව විෂයක් ලෙස ගනිමින් අධ්‍යනය කිරීමට විශේෂ කැමැත්තක් දැක්විය. භාවනාව පිළිබඳ වැදගත් කරුණු එක් කර ”‍බුද්ධාස්ථුප”‍ නමින් ග‍්‍රන්ථයක් ප‍්‍රකාශයට පත් කරන්නට ද උන්වහන්සේට වාසනවා උදාවිය.

ගංගොඩවිල සෝම ස්වාමින් වහන්සේට ලංකාවේ විශ්වවිද්‍යාල මගින් ලබා දෙන උපාධියක් නොවීය. මහරගම ධර්මායතන මගින් ලබා දෙන පාලි,ත‍්‍රිපිටක ධර්මය, සංස්කෘත භාෂාව ද ජ්‍යොතිෂ්‍ය පිළිබ`ද ලබා දෙන ශාස්ත‍්‍රිය දැනුම විශ්වවිද්‍යාල වලින් ලබා දෙන දැනුමට සමාන විය. පාලි භාෂාව පමණක් නොව ඉතා හො`දින් ඉංග‍්‍රීසි අධ්‍යපනයක් ලබා ගැනීමටද උන්වහන්සේට හැකි විය. එම නිසා සෝම හාමුදුරුවෝ ශ‍්‍රී ලංකාවට පමණක් සීමා වු භික්ෂුවක් නොවීය. උන් වහන්සේ කිසි විටක එකතැනකට සීමා නොවී රටපුරා ධර්ම දේශනා පවත්වන්නට විය. ඒ අතරතුර කෙටි කාලයකට ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා බෞද්ධ විහාරය සමග පැවති සම්බන්ධතා මත ආරාධනාවක් ලැබ 1986 දී ධර්ම දේශනාවක් සඳහා එහි වැඩම කළ උන්වහන්සේ මාස හයකට පසු නැවත ලංකාව බලා වැඩම කිරීම සිදු විය.

1989 දී වික්ටෝරියා බෞද්ධ විහාරය පිහිටුවීම ස`දහා පදනම දමන ලදී. අවසාන කාලය තුළ උන්වහන්සේට අවශ්‍ය වුයේ බෞද්ධාගමේ අගයන් මිනිස් සිත් තුළට කා වැද්දීමයි. එපමණක් නොව ගංගොඩවිල සෝම හාමුදුරුවෝ විශාල රටවල් ප‍්‍රමාණයකට වැඩම කිරීමට ද හැකි වීම නිසා විශාල සමාජ අවබෝධයක් ලබන්නද හැකි විය. එමෙන්ම දහස් ගණන් ක‍්‍රිස්තියානි ජනයා උන්වහන්සේගේ ධර්ම දේශනා ශ‍්‍රවණය කළ අතර මෙසේ ධර්ම දේශනා ශ‍්‍රවණය කිරීමට ප‍්‍රධාන හේතුව වුයේ උන්වහන්සේ විසින් යොදා ගත් සරල අදහස් දැක්වීමේ ක‍්‍රියා පටිපාටියයි. මෙය ධර්ම දේශනා සාර්ථක වීමට ඉතා වැදගත් කරුණක් වූ අතර බොහෝ අවස්ථා වල උන්වහන්සේගේ ධර්ම ශ‍්‍රාවක පිරිස වූයේ තරුණ තරුණියන්ය.

උන්වහන්සේ විසින් පළමු සිංහල විහාරය මෙල්බන් නගරයේ දී ”‍මෙල්බන් ශ‍්‍රී ලංකා විහාරය”‍ නමින් පිහිටුවා ඇත. 1993 දී උන්වහන්සේ විසින් මෙල්බන් ශ‍්‍රී ලංකා බෞද්ධ විහාරයෙන් ගොස් නොබෙල් පාර්ක් හි වික්ටෝරියා බෞද්ධ විහාරය සාදන ලදී. අද වන විට මෙම විහාරය ශාක්‍යමුනි විහාරය නමින් හැ`දින්වේ. සෝම හිමියන් දුර දක්නා නුවණකින් හා නිවැරදි දැක්මකින් යුක්තව බෞද්ධ දර්ශනයට මග එළි පෙහෙළි කිරීම හා බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය නමින් ඕස්ටේ‍්‍රලියාවේ බෞද්ධ මධ්‍යස්ථානයක් පිහිටුවන ලදී.

1996 වර්ෂයේදී නැවත ශ‍්‍රී ලංකාවට වැඩම කළේ උන් වහන්සේ ටික කලක් ලංකාවේ වැඩ වාසය කිරීමේ අරමුණින්ය. උන්වහන්සේ ශ‍්‍රී ලංකාවේ වැඩ වාසය කරන කාලය අතරතුර පිටතින් පැමිණි බලවේගයන් හමුවේ බෞද්ධ ආගම විනාශය කරා ගමන් කරන බව සෝම හිමියන්ට අවබෝධ විය.

මත් උවදුරින් ලාංකීය ජනයා මුදවා ගැනීම ස`දහා උන්වහන්සේ ජනවිජය නමින් තරුණ පිරිස් සමග එක්ව අති විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් සංවිධානයක් ගොඩනගන ලදී. එ මගින් ජනවිජය නම් කුඩා පුවත්පතක් ද මුද්‍රණය කර බෙදා හරින ලදී. එම ජනවිජය සංවිධානය තව පැත්තකින් දේශපාලන මුහුණුවරක් ද ගත්තේය. එම නිසා සෝම හිමියන්ගේ අපවත් වීමෙන් පසුව ජාතික හෙළ උරුමය

ගොඩනැගීමද සිදුවිය. සෝම හාමුදුරුවන්ගේ මතවාද එකල තරුණ ප‍්‍රජාව අතර පමණක් නොව වැඩිහිටි සිංහල බෞද්ධ ජනතාව අතරද ඉතා හො`දින් සමාජ ගත වී තිබිණි.

2003 දෙසැම්බර් 12 වන දින රුසියාවේ සෙන් පීටස් බර්ග්ස් හිදී ගංගොඩවිල සෝම හිමි රුසියන් රජයෙන් පිරිනමනු ලබන ආචාර්ය උපාධියක් ලබා ගැනීම ස`දහා රුසියාවට වැඩම කළ සේක. එහිදී උන්වහන්සේට ඇතිවු හදිසි හෘදයාබාධයක් නිසා අපවත් වූහ. එම අපවත් වීම ලාංකීය සිංහල බෞද්ධ සමාජය කැළඹීමට හේතු විය. එම නිසා උන්වහන්සේගේ අපවත් වීම සෑම කෙනෙකුගේම සිත් තුළ සැක සංකා මතු කරන්නටද විය.

එබැවින් එකල රජය කොමිසමක් පිහිටුවා මෙම අපවත්වීම පිළිබඳ තොරතුරු අනාවරණය කිරීම සඳහා මරණ පරීක්ෂණ දෙකක් සිදු කරන ලදී. කොමිසමේ සාමාජිකයන් තිදෙනාගේ තීරණ දෙකක් විය. දෙදෙනෙක්ගේ නිගමනය වූයේ එම මරණය ඕනෑකමින් කරන ලද මරණයක් බවයි. අනෙක් සාමාජිකයා කියා සිටියේ ස්වභාවික මරණයක් බවයි. කෙසේ වුවද ශ‍්‍රී ලාංකීය භික්ෂු වංශයට එඩිතර ක‍්‍රියාශීලි හා සමාජශීලි යුගයට ගැලපෙන භික්ෂුවක් අහිමි විය. එම නිසා අද සිටින භික්ෂුන් වහන්සේලාට උන් වහන්සේගෙන් ගත හැකි පුර්වාදර්ශයන් බොහෝය. අවුරුදු 56ක් පමණ ජීවතුන් අතර සිටි සෝම හාමුදුරුවන්ට වඩා අපවත් වූ සෝම හාමුදුරුවෝ බලවත් විය.

දැනට ජීවතුන් අතර සිටින ආදරීය මෑණියන්ට හා පවුලේ සැමට දීර්ඝායුෂ ප‍්‍රාර්ථනා කරන අතර  ගංගොඩවිල සෝම හිමියන්ට උතුම් නිර්වාණාවබෝධය ලැබේවායි ප‍්‍රාර්ථනා කර සිටිමු.

ශාස්ත‍්‍රවේදී බුදුගල ජිනවංස හිමි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More