දේශීය පුවත්

ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය පවත්නා ලෙසටම ආරක්ෂා කරන බවට හා ඉදිරියේදී සාකච්ඡාවක් ලබාදෙන බවට වනජීවි කැබිනට් ඇමතිවරයා කළ ප‍්‍රකාශය පදනම් කරගනිමින් වනජීවි නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය (7) සවස තාවකාලිකව අත්හිටවූ බව වන ජීවි නියාමක නිලධාරින්ගේ සංගමයේ සභාපති ශානුක සදරුවන් මහතා පැවසීය.

වනජීවි රාජ්‍ය ඇමති විමලවීර දිසානායක මහතා ගේ ක්‍රියා කලාපයට එරෙහිව මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය ගෙන තිබිණි. වනජීවි කැබිනට් ඇමති සී.බී රත්නායක මහතාගේ ප‍්‍රකාශය හුදු වචනයට පමනක් සීමා නොවිය යුතු බවද, ඇමතිවරයාගේ ප‍්‍රකාශය ඒ ආකාරයෙන්ම ඉටුවනු ඇති බවට විශ්වාසය පළ කරන බවද, වනජීවි පණතට පටහැනිව දිවයිනේ කිසියම් හෝ වන ජීවි කලාපයක් සම්බන්ධයෙන් යම් ක්‍රියාවක් සිදුවන තත්ත්වයක් උද්ගතවුවහොත් දැවැන්ත වෘත්තිය අරගලයක යෙදීමට සිදුවන බවද සභාපතිවරයා සඳහන් කළේය.

අද පැවති වෘත්තිය අරගලය 98%කින් සාර්ථක වූ බව බවසන සභාපතිවරයා ප‍්‍රධාන කාර්යාලය ඇතුලූ සියලූ වනජීවි කාර්යාල වසා දැමූ බවත් කාර්යාලයන්හි ආරක්ෂා කළ යුතු සම්පත් ආරක්ෂා කිරීමට පමණක් කි‍්‍රයාකළ බවත් සදහන් කළේය.

ඇමතිවරයා දැක්වූ යහපත් ප‍්‍රතිචාරයට තම සංගමයේ ස්තුතිය පළ කරන බවද ශානුක සදරුවන් මහතා කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More