දේශීය පුවත්

රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු දේශීය කොන්ත්‍රාත්කරුවන් සිව් දෙනකු යොදාගෙන දෙසැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට රුපියල් බිලියන 75ක ණය මුදලක් දේශීය බැංකු දෙකකින් ලබා ගැනීමට මහාමාර්ග අමාත්‍යාංශය සූදානම් වෙයි.

පළමු අදියර යටතේ කහතඩුවේ සිට ඉංගිරිය දක්වා කිලෝ මීටර් 24.9ක දුරක් ඉදිකිරීමට නියමිතය. මෙම දුර ඉදිකිරීම සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවන් සිව් දෙනකු තෝරා ගෙන ඇත. කිලෝමීටර් තුනක් කණු මත අධිවේගී මාර්ගය දිවෙන අතර ඉදිකිරීම් අධීක්ෂණයද දේශීය ඉංජිනේරුවන් සිදු කරයි.

ඉංගිරියේ සිට පැල්මඬුල්ල දක්වා වූ කිලෝමීටර් 50ක දුර කණු මත ඉදිකිරීමට මීට පෙර සැලැසුම් කර තිබිණි. එහෙත් අධික වියදම හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය සමග ඒකාබද්ධව යලි අධ්‍යයනයක් සිදු කිරීමට මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More