ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි තාවකාලිකව නවතා තිබූ අන්තර්ජාතික ගුවන්සේවා මාස 5කට පසු අද (07) නැවත ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අද පෙරවරුව් මෙල්බර්න් ගුවන්තොටුපළට ගොඩබස්වා තිබේ.
ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL604 දරණ ගුවන් යානය අද පෙරවරුවේ මෙල්බර්න් ගුවන් තොටුපළට ගොඩබස්වා ඇත.
මෙය පසුගිය ජූලි මස 10වෙනදායින් පසු මෙල්බර් නුවරට පැමිණි පළමු ජාත්‍යන්තර ගුවන් යානය වේ.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අමතරව අද දිනයේ වෙනත් ජාත්‍යන්තර ගුවන් සේවාවන්ට අයත් ගුවන්යානා 8ක් මගින් ගුවන් මගීන් 253දෙනෙකු මෙල්බර් නුවර වෙත පැමිණ ඇත.
මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක SBS සිංහල පුවත් සේවය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ඕස්ට්‍රේලියා – නවසීලන්ත භාර ව්‍යාපාර සංවර්ධන කළමනාකරු දිල්ෂාන් පිටවලගේ මහතා මෙසේ පැවසීය…
“කොවිඩ්-19 නිරෝධායන රෙගුලාසි ලිහිල් කළාට පසු මෙහෙට ගොඩබසින පළමු ජාත්‍යන්තර ගුවන් සේවය අපි තමයි. උදේ 7.48 ට මෙහෙට ගොඩබැස්සා. දැනට ඕස්ට්‍රේලියාවේ නීති පද්ධතිය අනුව යම් යම් සීමාවන්ට යටත්ව තමයි මගීන් මෙහෙට ගේන්න පුළුවන්. දැනට ගේන්න පුළුවන් 20-30 අතර ප්‍රමාණයක්. මෙය ඉදිරියේ දී වෙනස්වෙන්න පුළුවන්.“

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...