දේශීය පුවත්

කොරෝනා වෛරසය සඳහා ලොව ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක්ම ඖෂධ සහ එන්නත් පිළිබදව පර්යේෂණ කරමින් සිටින අතර කිසිදු ඖෂධයකට හෝ එන්නතකට මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය හිමි වී නැත.

ජපානයේ “ඇවිගන්” ඖෂධය ද භාවිතයට ගන්නේද? නැද්ද? යන්න ගැන තවමත් පර්යේෂණ පවත්වමින් සිටින අතර එය මිනිසුන් වෙනුවෙන් යොදා ගැනීමට ජපාන සෞඛ්‍ය බලධාරීන් හෝ අනුමැතිය ලබා දී නැත.

තත්වය එසේ තිබියදී, මෙම ඖෂධය මෙරටට ගෙන්වා තිබෙන්නේ කුමන අවශ්‍යතාවයකට දැයි සෞඛ්‍ය අංශ වල කතාබහක් ඇතිවී තිබේ.

අදාළ ඖෂධය මෙරටට ගෙන්වා ගැනීමට ටෙන්ඩර් කැඳවීමක් සිදුකර නැති අතර, මෙවැනි ඖෂධයක් මෙරටට ගෙන්වීමේ දී ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලබාගත යුතුව ඇතත් එයද ලබාගෙන නොමැතිව උණ සහ සෙම්ප්‍රතිශ්‍යාවට ගන්නා ඖෂධයක් ලෙස “ඇවිගන්” වෙළඳපොළට නිකුත්කර ඇත.

මේ සම්බන්ධයෙන් ඖෂධ සංස්ථා ‍ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ එකී ඖෂධය මෙරටට ගෙන්වා ඇත්තේ නිදර්ශක වශයෙන් පමණක් බවත් ඒවා පරීක්ෂාකර බැලීමට පහසුකම් නැති නිසා එම තොගය ආපසු යැවීමට කටයුතු කරන බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More