අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දී ඇත්තේ මහජන උපයෝගීතා කොමිසම පවතින්නේ අග්‍රාමාත්‍යවරයා යටතේ බැවින් ඒ සම්බන්ධයෙන් තීන්දු, තීරණ ගත යුත්තේ ද අගමැතිවරයා විසින් බවයි.
ජනාධිපති ලේකම් පුංචි බණ්ඩා ජයසුන්දර මහතා විසින් මහජන උපයෝගිතා කොමිසම අහෝසි කරන ලෙස මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත පසුගියදා ලිපියක් යොමු කර තිබුන අතර එහි සේවකයන් වෙනත් ආයතනවලට අනුයුක්ත කරන ලෙස ද එම ලිපියෙන් දන්වා තිබුනි.
ජනාධිපති කාර්යාලය විසින් එම කොමිසම සම්බන්ධයෙන් තීන්දු, තීරණ ගත නොහැකි බවත්, මෙම තත්ත්වය මත ජනතාවගේ දැඩි විරෝධය ආණ්ඩුවට එල්ලවිය හැකි බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම ලිපියෙන් වැඩිදුරටත් අනතුරු අඟවා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...