දේශීය පුවත්

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන ආකාරයට; කොවිඩ් -19 ට එංගලන්තයේ භාවිත කිරීම සඳහා අනුමැතිය ලැබී තිබෙන එන්නත, දැඩි අධිශීතකරණ තත්ත්වයක් මත තබා ගැනීම සම්බන්ධයෙන් අප රටට ප්‍රායෝගික දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවන බැවින් ශ්‍රී ලංකාවට කොවිඩ් -19 මර්දන එන්නත් ලබා ගැනීම සිදුකරන්නේ නම් ඒ සඳහා ලබන වසරේ මැද භාගය පමණ වනතෙක් කල්ගතවනු ඇත.

තවමත් කිසිදු එන්නතක් මහා පරිමාණයෙන් එන්නත් කිරීම සඳහා අනුමත කිරීමක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදුකර නොමැති බවත් එතෙක් කොවිඩ් – 19 එන්නත් ලබා ගැනීමක් සිදු නොකරන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටී.

අපේ වගේරටක දීර්ඝ කාලීනව බලපුවාම ඒ වගේ අධිශීතකරණ තත්ත්වයක් යටතේ පවත්වාගෙන යන එන්නතක් ලබාගෙන ජනතාවට ලබාදීමේ විශාල ප්‍රායෝගික දුෂ්කරතා තියෙන්න පුළුවන්,” යනුවෙන් ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටියේය.

මේ අතර ඇතැම් ප්‍රදේශ හුදකළා තත්වයෙන් ඉවත් කළ ද රෝගීන් වාර්තාවීම අවසන්ව නොමැති බැවින් සංචරණ සීමා අවම කරගත යුතු බවද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද (07) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

එංගලන්තයේ භාවිත කිරීම සඳහා අනුමැතිය ලැබී තිබෙන කොවිඩ් – 19 එන්නත ඇමරිකාවේ Pfizer සමාගමේ නිෂ්පාදනයක් වන අතර එය -75C උෂ්ණත්වයක ගබඩා කර තැබිය යුතු බැවින් සෞඛ‍යමය මෙන්ම ආර්ථිකමය වශයෙන් ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බවට වන සංවාදයක් මේවන විටත් ලොව පුරා ඇති වෙමින් තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More