පරිසර සහ වනජීවී අමාත්‍යාංශ පිළිබඳ අයවැය කාරක සභා විවාදය අවස්ථාවේ තමන්ගේ කාලය අඩු කිරීම සම්බන්ධයෙන් සිය ප්‍රතිචාරය දක්වමින් වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක අද (07) දින පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ හැමදාම, හැම තැනම තමන්ට කැපිල්ල බවයි. “හැමදාම කැපිල්ල තමයි. එතනත් කැපිල්ල. මෙතනත් කැපිල්ල…” යනුයෙන් ඔහු පැවසීය.
මේ අවස්ථාවේදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ ඔහුට වනජීවී අමාත්‍යාංශය ලබාදුන්නද එම අමාත්‍යාංශයට ලබා දී ඇත්තේ දැව සංස්ථාව පමණක් බවයි. සී.බී රත්නායක අමාත්‍යවරයා කාලාන්තරයක් තිස්සේ කැපිලි කෙටිලිවලට ලක්වන අයෙකු බව ද දිසානායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
පසුගියදා මහජන උපයෝගිතා කොමිසම සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අහෝසි කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ බන්දුල ගුණවර්ධනද සිය අසතුට ප්‍රකාශ තිබිණි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...