ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුනේ 20,21,22 මහල් හා බටහිර කුලුනේ 22 වන මහලේ වර්ග අඩි 35,000ක් 2021 ජනවාරි 01 සිට 2022 දෙසැම්බර් 31දක්වා මාසික කුලිය රු.169,65,093.00ක මුදලට කුලියට ලබා ගැනීම සදහා වන කැබිනට් පත්‍රිකාවට කිසිම විරුද්ධත්වයකින් තොරව කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
එම දේපළ එසේ කුළියට ලබා ගැනීමට අදහස් කරන්නේ; අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතාගේ කාර්‍යාලය සහ අධිකරණ අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගෙනයාම සඳහායි. ඒ සදහා රුපියල් කෝටි 41ක් ඉල්ලා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවටයි එම අනුමැතිය ලැබී තිබෙන්නේ.
ඒ අනුව වසර දෙකක් සඳහා රුපියල් මිලියන 400ක දැවැන්ත කුළියක් ගෙවමින් අධිකරණ අමාත්‍යාංශය ලබන වසරේ ජනවාරි මස සිට ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුලුනේ පිහිටුවීමට කටයුතු සූදානම් වෙමින් පවතී.
රට ගොඩනැගීමට වියදම් අඩුකරන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පුරවැසියන්ගේ බදු මුදල් යොදවා මෙතරම් දැවැන්ත කුළියක් ගෙවා පෞද්ගලික ගොඩනැගිල්ලකට අධිකරණ අමාත්‍යංශය ගෙනයාම මේ මොහොතේ ප්‍රමුඛතාවය දී කළ යුතු කටයුත්තක් දැයි? ජනතාව ප්‍රශ්න කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...