දේශීය පුවත්

සංවිධානාත්මකව සිදුකරනු ලබන යතුරුපැදි සහ මෝටර් රථ ධාවකයින් අත්අඩංගුවට ගැනීමට රටපුරා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මොරටුව, එගොඩ උයන ප්‍රදේශයේදී වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් සිදුවූ මාරාන්තික අනතුරින් පසුව පොලීසිය විසින් එවැනි යතුරුපැදි සහ මෝටර් රථ ධාවකයින් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩ පිළිවෙලක් යොදා ඇතැයි ඔහු වැඩි දුරටත් පවසා සිටිනවා.

කිඹුලාවල මංසන්ධියේ සිට නව රෝහල පාරේ ධාවනය කිරීමට සැලසුම් කරමින් සිටි එවැනි යතුරුපැදිකරුවන් 24 දෙනෙකු; මිරිහාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත ඊයේ (06) දිනයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකින්,පොලිස් භාරයට ගනු ලැබූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අත් අඩංගුවට ගත් මෙම යතුරුපැදි 24 නඩු භාණ්ඩ වශයෙන් ඉදිරිපත් කරන බවත් එහි හිමිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ද ඇති අතර ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන  බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ජපානයේ සමහර තරුණ, තරුණියන් රාත්‍රී කාලයට මෙවැනි නීති විරෝධී ධාවනයන් සිදු කරන බවත් එයට “බෝසෝ සොකු” යයි පවසන අතර එරට බොහෝ වැඩිහිටියන් මෙම “බෝසෝ සොකු” ධාවනයන් දැඩි ලෙස විවේචනය කරන බවට වාර්තා වනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More