මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා පෙරේදා (05 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ පාස්කු දින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් නඩු අටක් ගොනු කිරීමට කටයුතු කරන බවයි.
පාස්කු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලවූ කොළඹ කොච්චිකඩේ දේවස්ථානය, මීගමුවේ කටුවපිටිය දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය,කොළඹ ෂැංග්‍රිලා හෝටලය, කිංග්ස්බරි හෝටලය,සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය,දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලය සහ දෙමටගොඩ යන ස්ථානවල සිදුවූ සිද්ධීන් අට වෙනුවෙන් මෙසේ වෙන් වෙන්ව නඩු පැවරෙන බව ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් “පාස්කු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබඳ විමර්ශන කටයුතු දැනටමත් අවසන් වෙලා තියෙන්නේ. එම විමර්ෂණ වාර්තා දැනටමත් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරලයි තිබෙන්නේ. මම අද (07 වැනිදා) පොෟද්ගලිකවම නීතිපතිවරයා හමුවී තවත් විමර්ශන ගොනුවක් භාරදී අදාළ නඩු කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගැනීමට කාටයුතු කරනවා.නීතිපතිවරයා වෙත භාර දෙන විමර්ශන ගොනුවේද සැකකරුවන් කිහිප දෙනෙක්ගේ නම් සඳහන් වනවා.ආධාර අනුබල දුන් පුද්ගලයන් සහ මුදල් සැපයූ අය කවුරුන්ද යන්න හඳුනාගෙන සිටිනවා.සැකකරුවෝ 257 ක් අත්අඩංගුවේ පසුවනවා.තවත් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට සිටිනවා.එමෙන්ම නඩු කටයුතු ආරම්භවූ පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට කරුණු හෙළිවීමට නියමිතයි. තනතුරු කුමක් වුවත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියළු දෙනාම අත්අඩංගුවට ගන්නවා ” යනුවෙන් අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...