දේශීය පුවත්

‘කොවිඩ්-19’ එන්නත් බෙදාහැරීමේ වැඩසටහන ආරම්භ කළ පළමු රට බවට පත්වෙමින් රුසියාව සිය ‘කොවිඩ්-19’ එන්නත් බෙදාහැරීමේ වැඩසටහන ආරම්භ කර තිබේ.

ඒ අනුව රුසියානු සෞඛ්‍ය අංශ මොස්කව් නුවර පිහිටි සායනවලට එන්නත බෙදාහැරීම ආරම්භ  (5) කර තිබිණි.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතයෙන් වැඩිම අවදානමක් ඇති පුද්ගලයන්ට මුලින්ම එන්නත ලබාදෙන බවත් ඒ සඳහා මොස්කව් අගනුවර පිහිටි සායන 70කට එන්නත බෙදාහරින බවත් එම නුවර කොරෝනා වයිරස කාර්යසාධක බලකාය සෙනසුරාදා පෙරවරුවේ නිවේදනය කළේය.

රුසියාව මෙලෙස එරට ජනතාවට එන්නත් කිරීමට සූදානම් වන්නේ එරට වෛද්‍ය පර්යේෂණ විද්‍යායතනය වන ගැමලෙයා ආයතනයේ විද්‍යාඥයන් අත්හදා බලමින් සංවර්ධනය කළ ‘ස්පුට්නික් 5’ එන්නත යි.

රුසියාවේ ‘ස්පුට්නික්-5’ කොවිඩ්-19 එන්නතට පසුගිය අගෝස්තු මාසයේදී එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසරය හිමි විය.
සිය එන්නත 95%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බවත් එසේ වුවත් තවදුරටත් මහ පරිමාණයෙන් අත්හදා බැලීම් කරන බවත් රුසියානු පර්යේෂකයෝ පවසති.

‘කොවිඩ්-19’ එන්නත ලබාගැනීම සඳහා සෙනසුරාදා වනවිට දහස් ගණනක් රුසියානුවන් ලියාපදිංචි වී සිටි නමුත් රුසියාවට කොතරම් එන්නත් මාත්‍රා ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි ද යන්න තවමත් නිශ්චිතව නිවේදනය කර නොමැත.
දැනට නිකුත් ව ඇති වාර්තාවලට අනුව මේ වසර අවසන් වනවිට එන්නත් මාත්‍රා මිලියන දෙකක් නිෂ්පාදනය කිරීමට රුසියානු නිෂ්පාදකයෝ බලාපොරොත්තු වෙති.

මොස්කව් නුවර සිටින මිලියන 13ක ජනගහනයෙන් මුලින්ම එන්නත ලැබෙන්නේ සෞඛ්‍ය සේවයේ, සමාජ සේවයේ සහ පාසල්වල සේවය කරන රුසියානුවන්ට බව එනුවර නගරාධිපති සර්ගේ සොබියානින් මේ සතිය මුලදී පැවැසීය.

‘කොවිඩ්-19’ එන්නත ලබාගැනීම සඳහා ඉහත සඳහන් කළ රැකියා අංශවල සිටින වයස අවුරුදු 18ත් 60ත් අතර රුසියානුවන්ට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමට අවස්ථාව සලසා තිබූ අතර ඔවුන්ට එන්නත් ලබාගැනීම සඳහා මොස්කව් අගනුවර සායන 70ක් සූදානම් කර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More