රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි නදුන් පී. විජේරත්න මහතා පවසා සිටියේ , ඉකුත් නොවැම්බර් 29 දා මහර බන්ධනාගාරයේදී සිදු වූ ගැටුමෙන් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගිය රැදවියන් 11 දෙනාගේ මළ සිරුරු අධිකරණ නියෝගයක් ලැබෙන තුරු ඥාතීන්ට ලබා නොදෙන බවය.
ඒ මහතා , මියගිය රැඳවියන් අතරින් අනන්‍යතාව තහවුරු කරගත් රැදවියන් දෙදෙනකුගේ පශ්වාත් මරණ පරික්ෂණ කටයුතු දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන් භාවිත කරමින් පැවැත්වූ බවත්, එම වාර්තාව වත්තල මහෙස්ත‍්‍රාත් බුද්ධික. සී. රාගල මහතා හමුවට ඉදිරිපත් කරන බවත් ඒ ඊයේ(06) ප්‍රකාශ කළේය.
මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමෙන් තුවාල ලබා මියගිය රැදවියන් 11 දෙනකු අතරින් 8 දෙනකුම කොරෝනා වෛරස ආසාදියන් බව පවසන අධිකරණ වෛද්‍යයවරයා ඔවුන් අතරින් අනන්‍යතාව හඳුනාගෙන ඇත්තේ 6 කගේ පමණක් බවද පවසා සිටියේය. එම හය දෙනා අතරින් මුලින් හඳුනාගත් ජාඇල සහ වත්තල පදිංචි රැඳවියන් දෙදෙනා කොරෝනා ආසාදියන් නිසා දැඩි සෞඛ්‍ය ආරක්ෂාවන් යටතේ මරණ පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බව මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය. ඒ අනුව මරණ පරීක්ෂණය අවසන් වූ වහාම සවිස්තර මරණ පරීක්ෂණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරණ බව අධිකරණ වෛද්‍යවරයා පවසා සිටියේය.
ඊයේ (06 දා) අනන්‍යතාව තහවුරු කරගත් මියගොස් සිටි රැදවියන් සිව් දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අධිකරණ නියෝගයක් ලැබුණු පසු සිදු කරන බව අධිකරණ වෛද්‍යයවරයා අවධාරණය කළේය.
වත්තල මහෙස්ත‍්‍රාත්වරයා විසින් රාගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට ඉකුත් 04 වැනිදා නියෝග කර තිබුණේ සිද්ධියෙන් මියගිය රැදවියන්ගේ මෘතශරීර සමබන්ධයෙන් වූ ඉදිරි නෛතික පියවර ගැනීම සඳහා නීතිපතිවරයාගේ සහ සෞඛ්‍ය නිලධාරිවරයකුගේ නියෝජනයක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි.
ගැසට් නිවේදනයක් මගින් රජය නියෝග කර තිබුණේ කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ මළසිරුරු දහනය කළ යුතු බවයි. ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙන රැඳවියන් දෙදෙනාගේ මළ සිරුරු දහනය කරනවාද භූමදානය කරනවාද යන්න අධිකරණයට ප‍්‍රශ්නයක් වී තිබේ. එහි නෛතික තත්ත්වය දැනගැනීම සඳහා නීතිපතිවරයාගේ සහ සෞඛ්‍ය අංශයේ නිලධාරියකුගේ නියෝජනයක් ලබන 11 වැනිදා අවශ්‍ය බව වත්තල මහෙස්ත‍්‍රාත්වරයා විසින් නියෝග කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...