විලියම් කුමරාගේ බිරිඳ වන කේම්බ්‍රිජ් ආර්යාව පුතෙකු ප්‍රසූත කළ බව කෙන්සින්ටන් මාළිගය නිවේදනය කළේය.
ලන්ඩන් නගරයේ ශාන්ත මේරි රෝහලේ දී උපත ලද බිලිඳු කුමරා බරින් රාත්තල් අටක් සහ අවුන්ස හතක් වන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත්ම සාමාජිකයා රාජ්‍යත්වයට උරුමකම් කීම අතින් පස්වැන්නා වෙයි.
2013 වසරේ සිදු කරන ලද නෛතික වෙනස්කම් අනුව නව බිලිඳු කුමරාගේ සොහොයුරිය වන චාලට් කුමරිය රාජ්‍යත්වයට සැපත්වීමේ අයිතිය අතින් සිව්වෙනි තැන හිමිකර ගත්තාය.
එම වෙනස හඳුන්වා දීමට පෙර කාන්තාවකට කිරුළ දැරීමේ අයිතිය උරුම වුණේ පවුලේ පිරිමින් නොසිටියොත් පමණි.
විලියම් -කැතරින් රාජකීය පවුලේ පළමු දරුවා වන ජෝර්ජ් කුමරු 2013 වසරේත් එම පවුලේ දෙවැන්නිය වන චාලට් කුමරිය 2015 වසරේත් උපත ලැබූහ.
මව් ආර්යාව සහ බිළිඳු කුමරා යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවෙන බවත් කෙන්සින්ටන් මාළිගය පවසයි.
නව කුමරාගේ නම පසුව ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිතය.
බිළිඳු කුමරා සඳහා නම් කීපයක් දැනටමත් යෝජනා වී ඇති අතර ආතර්, ඇල්බට් , ෆෙඩ්රික්, ජේම්ස් සහ පිලිප් යන නම් ඒවා අතර ඉදිරියෙන්ම ඇත.
විලියම් කුමරුන් සහ කැතරින් ආර්යාවට ශුභ පැතුම් පණිවුඩයක් යවන බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ, (Theresa May) “දීප්තිමත් අනාගතයක් සඳහා ඔවුන්ට ශුභ පතන” බව කියා සිටියාය.
“පුත් කුමරකු ඉපදීම සම්බන්ධයෙන් ලන්ඩන් නගරවාසීන් වෙනුවෙන් කේම්බ්‍රිජ් ආදිපාදවරයාට සහ අදිපාදවරියට උණුසුම් ශුභ පැතීමට මම කැමැත්තෙමි” ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන් විසින් යවන ලද පණිවුඩයෙහි දැක්වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...