අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ සියලුම පාසල් (07) සිට නැවත දැනුම් දෙන තුරු වසා තැබීමට තීරණය කල බව දකුණු පලාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පැවසීය.
දකුණු පලාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතාගේ උපදෙස් මත එම තීරණය ගනු ලැබූ බවත් එම අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බවත් යාපා මහතා වැඩිදුරටත් කීය.
විශේෂයෙන්ම ගාල්ල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හමු වීමට පටන් ගැනීමත් සමග ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ඇත්තිලිගොඩ දකුණ, මකුළුව, දෙද්දුගොඩ, උතුර, තලාපිටිය හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරී වසම් පහකට සංචරණ සීමා ද පනවා තිබිණි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...