දේශීය පුවත්

-75C උෂ්ණත්වයක ගබඩා කළ යුතු ඇමරිකාවේ Pfizer සහ Moderna එන්නත් ලොව පුරා විකිණීමට ඇමරිකාව උත්සාහ කරමින් සිටින තත්වයක් තුළ එක්සත් ජනපදයේ නිෂ්පාදනයක් වන ඔක්ස්ෆර්ඞ් එන්නත ද දැන් මෙම වෙළඳ තරඟයට අවතීර්ණ වෙමින් සිටී.

නමුත් ගැටලුව වන්නේ මෙම එන්නත් කිසිවක් ලෝක සෞඛ‍ය සංවිධානයේ තවමත් ලියාපදිංචි වී නැති වීමයි.

වාර්තා වන ආකාරයට මේ වනවිට එම සංවිධානයේ ලියාපදිංචි වී ඇත්තේ රුසියාවේ නිෂ්පාදිත එන්නත් දෙකක් වන Sputnik V හා EpiVakKorona එන්නත් පමණි.

Sputnik V එන්නත 2020 අගෝස්තු මාසයේදි සහ EpiVAkKorona එන්නත 2020 ඔක්තෝබර් මාසයේදී ලෝක සෞඛ‍ය සංවිධානයේ ලියාපදිංචි කර ඇතැයි වාර්තාවේ.

මිලෙන් අඩු ඔක්ස්ෆර්ඞ් Covid – 19 එන්නත මේ වසර අවසාන වනවිට වෙළඳපොලට පැමිණෙනු ඇතැයි එම එන්නත නිපදවන කන්ඩායමේ ප්‍රධාන පර්යේෂිකාවක වන දොස්තර මහේෂි රාමසාමි පවසා ඇත.

“මේ වනවිට නිපදවා ඇති අනෙකුත් එන්නත් හා සැසඳීමේදි ඔක්ස්ෆර්ඞ් එන්නත මිලෙන් අඩුයි. එනිසා එය දුප්පත් රටවල භාවිතයට වඩාත් සුදුසුයි” යනුවෙන් දොස්තර රාමසාමි වැඩිදුරටත් පවසා ඇත.

නමුත් දොස්තර රාමසාමිම පවසන ආකාරයට මිළෙන් අඩු ඔක්ස්ෆර්ඩ් එන්නත තිබියදී ඇමරිකාවේ නිෂ්පාදිත Pfizer එන්නත මිළදී ගැනීමට එංගලන්ත රජය පසුගිය සතියේ තීරණය කිරීමද බරපතළ ගැටලුවකි.

ඇමරිකාවේ සහ බටහිර මාධ්‍ය කෙසේ ප්‍රචාරය කලද ලෝක පුවත් වාර්තාවන්ට අනුව වාර්තා වන්නේ දැනට වඩාත්ම ඉහල සාර්ථකත්වයක් මෙන්ම මිළෙන් අඩුම එන්නත Sputnik V බවයි. එමෙන්ම එම එන්නත -4C උෂ්ණත්වයක ගබඩා කළ හැකි වීම ද සැලකිය යුතු කරුණකි. -4C යනු සාමාන්‍ය ශීතකරණයක ඇති උෂ්ණත්වයයි.

එම එන්නතේ මාත්‍රා දෙකම ඇමරිකානු ඩොළර් 10 කට හෝ හැකිනම් ඊටත් වඩා අඩු මිළකට ලබා දීමට රුසියානු බළධාරීන් අපේක්ෂා කරන බව පසුගිය දිනවල ඔවුන් ප්‍රකාශ කර තිබුනි.

ශ්‍රී ලංකාවේ උපන් දොස්තර මහේෂි රාමසාමි කොළඹ ස්ටැෆර්ඞ් ජාත්‍යන්තර පාසලෙන් මූලික අධ්‍යපනය ලබා මීට වසර 18කට පෙර එංගලන්තයට සංක්‍රමණය වු අයෙකි.

මේ අතර ඊයේ (05) දින මාධ්‍ය හමුවේ අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන; ඇමරිකානු Covid – 19 මර්ධන එන්නත මිලෙන් අධික වීම සහ ගබඩා කිරීම ද ගැටලු සහගත නිසා, රුසියාවේ නිෂ්පාදිත Sputnik V එන්නත ශ්‍රී ලංකාවට ලබාගැනීමට රුසියානු රජය සමඟ සාකච්ඡා කරන බව පැවසිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More