දේශීය පුවත්

ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ලෙස වැඩ බාරගැනීමට නියමිත කමලා හැරිස්ගේ අභ්‍යන්තර ප්‍රතිපත්ති උපදේශිකාව ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රෝහිණි කොසොග්ලු පත්කර ඇතැයි වාර්තා වේ.

“රෝහිණී යනු ඇමරිකානු ජනතාව මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් මනා දැණුමක් හා අවබෝධයක් ඇති තැනැත්තියක් වගේම පසුගිය කාලය පුරාවටම මා ලඟින්ම සිටි මගේ වඩාත් විශ්වාසදායක උපදේශිකාවක්” යනුවෙන් රෝහිණිව අදාල තනතුරේ පිහිටුවීම නිවේදනය කරමින් කමලා හැරිස් පවසා ඇත.

යාපනයේ උපන් දොස්තර විජයදෙවෙන්ද්‍රන් සහ සෝභනාගේ දියණියක වන රෝහිණි පසුගිය මැතිවරණයේදී ඩිමොක්ක්‍රටික් පක්ෂ උප ජනාධිපති අපේක්ෂිකා කමලා හැරිස්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන උපදේශිකාව ලෙස තුන්සියයකට අධික සේවක පිරිසක් හසුරවමින් ඇමරිකානු ඩොලර් මිලියන 40කට අධික දැවැන්ත ප්‍රචාරක වියදමක් දරමින් කමලා හැරිස් ඇමරිකාවේ දෙවන බලසම්පන්න තැනැත්තිය කිරීමට දැවැන්ත දායකත්වයක් ලබා දුන්නාය.

(Lanka Truth වාර්තාවක් ඇසුරිනි)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More