මෙරට ඇමෙරිකානු තානාපතිනි ඇලන් පීතරෙෆ්ලික් මහත්මිය ධීවර අමාත්‍යාංශයට පැමිණි අවස්ථාවේ; ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද මහතා ඇමෙරිකානු තානාපතිවරියගෙන් ඉල්ලා ඇත්තේ, මෙරට ක්‍රියාත්මක වන පළාත් සභාවලට අදාළ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනුමත කර තිබෙන “සම්පූර්ණ බලතල” ලබා ගැනීමට මැදිහත් වන ලෙසයි.
මේ වනවිට ආණ්ඩුවට 2/3 බලයක් ලැබී තිබීම නිසා අදාළ ක්‍රියාමාර්ග ගැනීමට බාධාවක් නොවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කර ගැනීමට 13 වන ව්‍යවස්ථා සංශෝධනය “සම්පූර්ණයෙන් බලාත්මක කිරීම” අවශ්‍ය බව ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මෙම සංශෝධනය 1987 දී ඉන්දීය ආක්‍රමණයක් සහිතව මෙරටට හඳුන්වා දෙනු ලැබූවකි.
මේ දක්වා එම සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර ගැනීම සඳහා විවිධ බාධා පැමිණවී තිබෙන අතර ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක් ඉන්දියාවේ සහයෝගය ඇතිව මෙය ක්‍රියාත්මක කර ගැනීමට ආණ්ඩුවට බලපෑම් කරමින් සිටී.
ඒ අතර ඩග්ලස් දේවානන්ද ඇමතිවරයා මෙසේ ඇමෙරිකාවේ සහයෝගය ද ඉල්ලා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...