ප‍්‍රධාන පුවත්

Covid – 19 වෛරසය සඳහා තෙවන අදියරේදී 95%ක සාර්ථකත්වක් පෙන්නුම් කර ඇති රුසියාවේ Sputnik V එන්නත; මෙම Covid – 19 වෛරසයට වඩාත් අවදානම් ලෙස නිරාවරණය විය හැකි කාර්යයන්හි නිරත එරට පුද්ගලයින් සඳහා ලබා දීම රුසියානු බළධාරීන් විසින් අද (05) දින ආරම්භ කර ඇත.

මෙහි විශේෂත්වය වන්නේ එරට සෑම පුරවැසියෙකුටම මෙම එන්නත “නොමිළයේ ලබා දීමට” එරට බළධාරීන් තීරණය කර තිබිමයි.

2019 වසරේ අගෝස්තු මස ලෝක සෞඛය සංවිධානයේ ලියාපදිංචි කළ ලොව පළමු එන්නත ලෙස මෙම Sputnik V එන්නත එම සංවිධානයෙහි ලියාපදිංචි කර ඇත.

රුසියානු බළධාරීන් ප්‍රකාශ කරන්නේ එරට අගනුවර අලුතින් විවෘත කර ඇති සායන මධ්‍යස්ථාන 70 කදී අද (05) දින සිට මෙම එන්නත එරට සෞඛ‍ය, අධ්‍යාපන සහ සමාජ සේවා කටයුතු වල නිරත පුද්ගලයින්ට ලබා දීමට කටයුතු කරන බවයි.

මෙම සායන මධ්‍යස්ථාන උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘතව තබන අතර වයස අවුරුදු 18 – 60 අතර පුද්ගලයින්ට විද්‍යුත් මාර්ගයෙන් නොමිළයේ ලියාපදිංචි වීමට පහසුකම් සපයා ඇත.

මොස්කව් නගරාධිපති Sergei Sobyanin පවසන්නේ; එන්නත ලබාගැනීමට සුදුසුකම් ඇති පාසැල්, සෞඛ‍ය සහ සමාජ සේවා අංශයන්හි වැඩ කරන එම නගරයේ මිලියන 13ක් වන පුද්ගලයින්ට මෙම එන්නත ඉක්මනින්ම ලබාදීමට සැළැසුම් කර ඇති බවයි.

එන්නත ලබාගැනීම සඳහා දහස් ගණනින් ලියාපදිංචි වෙමින් සිටින අතර ඔහු පවසන්නේ ඉදිරියේදී මෙම ලැයිස්තුව වඩ වඩාත් දික්වනු ඇති බවයි.

කෙසේ වූවද බළධාරීන් පවසන්නේ දෙසැම්බර් අග භාගය වන විට නිෂ්පාදනය කළ හැක්කේ එන්නත් මිළියන දෙකක් පමණක් බවයි.

වැඩිදුර තොරතුරු සදහා පහත ලින්ක් එක බලන්න.
https://www.dailymail.co.uk/news/article-9020827/Russia-starts-vaccine-drive-Nurses-Moscow-Sputnik-V-jabs-risk.html?ito=push-notification&ci=57581&si=20844222



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More