දේශීය පුවත්

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමුවන විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා; උදර්පණ නීතිය යටතේ ශ‍්‍රී ලංකාවට උදර්පණය (පිටුවහල්) කර ගැනීම සඳහා සිංගප්පූරු රජය වෙත යැවීමට අවශ්‍ය පිටු 2100 කට අධික ලේඛන සහිත උදර්පණ ඉල්ලීම නීතිපතිවරයා විසින් පසුගිය වසරේ (2019) සැප්තැම්බර් 02 දා විදේශ කටයුතු අමාත්‍යාංශය හා අධිකරණ අමාත්‍යාංශය වෙත භාරදී තිබුණි.

ඒ අනුව ශ‍්‍රී ලංකා රජය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය හා අධිකරණ අමාත්‍යාංශය හරහා; පසුගිය වසරේ (2019) නොවැම්බර් මස කර තිබූ එම ඉල්ලීම සිංගප්පූරුවේ නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යයනය කරමින් පවතින බව මින් පෙර ශ‍්‍රී ලංකාවට දැනුම් දී තිබුණි.

එලෙස අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අර්ජුන් මෙහේන්ද්‍රන් සම්බන්ධයෙන් උදර්පණ නියෝග ලබා ගැනීම සඳහා; එරට සුදුසු අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ද එරට නීතිපති දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකාවට දැනුම් දී තිබූ නමුත්, ඒ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් මේ දක්වාම නොලැබීම නිසා ඊයේ (4) දින පස්වරුවේ ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් සිංගප්පූරු නීතිපතිවරයා වෙත යැවීමට, නීතිපති දප්පුල ද ලිවේරා මහතා පියරව ගත් බව වාර්තාවේ.

අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා 23 ක් යටතේ බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පසුගිය වසරේ ජුනි 28 වැනිදා නඩු පවරා තිබුණි.

එම විත්තිකරු අධිකරණයට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය වරෙන්තු නියෝග නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි විනිසුරු මඬුල්ල විසින් පසුගිය වසරේ (2019) අගෝස්තු 9 දා නිකුත් කර තිබුණි.

අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට පිටුවහල් කිරීමේ ඉල්ලීම සිංගප්පූරු රජය විසින් මෙතෙක් ඉටුකර හෝ ප‍්‍රතික්ෂේප කර නොමැති බවද නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් ඊයේ (04) දින අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා යවා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More