දේශීය පුවත්

පසුගිය රජය විසින් ඉන්ටර්පෝල් රතු වරෙන්තු ලැයිස්තුවෙන් ඉවත් කළ හිටපු කොටි ත‍්‍රස්ත නායකයන් 140 දෙනකුගේ නම් යළි ‘දුටු තැන අල්ලනු’ ඉන්ටර්පෝල් ලැයිස්තුවට ඇතුළත් කිරීමට මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර මහතා තීරණය කර ඇත.

තහනම අහෝසිවූ මේ හිටපු කොටි යළි අරමුදල් එකතු කරන බවට තොරතුරු ලැබී තිබෙනවා යැයි වීරසේකර මහතා ‘දිවයින’ට පැවසීය.

මොවුන් අතර ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් පියනම නෝර්වේ කොටි නායක තෙදියවන් යන අයවලූන් ද වෙති.

පසුගිය යහපාලන රජය මෙම කොටි නාමලේඛනය අහෝසි කර තිබුණේ හොර රහසේය.

එම කොටි ලැයිස්තුව ඉන්ටර්පෝල් පොලිසියෙන් ඉවත්කර ගැනීම සඳහා හිටපු දේශපාලකයකු හමුදා බුද්ධි නිලධාරීන්ට දැඩි බලපෑම් කර තිබූ බවද වත්මන් රජයට වාර්තා වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More