කොටි සංවිධානය සමග දැඩි සබඳතා පැවැත්වූ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියකු මානව හිමිකම් කොමිසමේ සාමාජිකයකු ලෙස නිර්දේශ වී ඇතැයි ඉහළ පෙළේ බුද්ධි අංශ ආරංචි මාර්ග ඊයේ 4 දා හෙළි කළේය.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම් ධුරය දරන අවස්ථාවේ ඔහු ඝාතනය කිරීමේ සැලසුමක් කි‍්‍රයාත්මක කිරීම සඳහා රේවතන් නමැති කොටි ත‍්‍රස්තයා කොළඹට එවා තිබූ අතර ඉහත කී රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියා රේවතන්ව තම රාජ්‍ය නොවන සංවිධානයේ උප සභාපති ලෙස පත් කර තිබූ බව ද හෙළිවී ඇත.
මේ ඝාතන සැලසුම හෙළිවීමත් සමගම රේවතන් මෙරටින් පැන ගොස් තිබේ.
ඔහු පැන යෑමෙන් පසු රේවතන්ට එරෙහිව ඉන්ටර්පෝල් පොලිසිය ‘දුටු තැන අල්ලනු’ රතු වරෙන්තුවක් ප‍්‍රකාශයට පත්කර ඇත.
මෙම රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානියාගේ කි‍්‍රයාදාමයන් ගැන අමාත්‍ය විමල් වීරවංශ මහතා වරක් හෙළිකර තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...