දේශීය පුවත්

ප්‍රභූ ආරක්ෂකයන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 264 දෙනකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1277ක් බවද එම ආරංචි මාර්ග පවසයි.

මෙම ආසාදිත නිලධාරීන් දිවයිනේ පොලිස් ස්ථාන 85කින් වාර්තා වී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
කොටුව පොලිසියේ නිලධාරීන් 162 දෙනකුටද, බොරැල්ල පොලිසියේ නිලධාරීන් 107 දෙනකුටද, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 68 දෙනකුටද, කෙසෙල්වත්ත පොලිසියේ  76 දෙනකුටද, ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාරීන් 39 දෙනකුටද,  මරදාන පොලිසියේ නිලධාරීන් 23 දෙනකුටද, පිටකොටුව පොලිසියේ නිලධාරීන් 20 දෙනකුටද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 15 දෙනකුටද, පරිසර  ආරක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් 12 දෙනකුටද, පේරාදෙණිය පොලිසියේ නිලධාරීන් 08 දෙනකුටද, ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් 09 දෙනකුටද, පොලිස් කේෂ්ත්‍ර බළකා මූලස්ථානයේ නිලධාරීන් 23 දෙනකුටද, කුරුඳුවත්ත පොලිසියේ 31 දෙනකුටද, මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තාවේ.

කොරෝනා වයිරසය ආසාදිත පොලිස් නිලධාරීන් 1277  දෙනා අතුරින් 925 දෙනකු  සුවවී රෝහල්වලින් පිටව ගොස් ඇති අතර  නිලධාරීන් තවත් 352 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More