දේශීය පුවත්

විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර, මහාචාර්ය අර්ජුන ද සිල්වා, මහාචාර්ය හේමන්ත දොඩම්පහළ, මහාචාර්ය ප‍්‍රසාද් කටුලන්ද සහ විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ ඇතුලු තවත් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින්; කොරෝනා ආසාදිතයින්ට පෞද්ගලික රෝහල්වලින් ප‍්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව ලබාදෙන්නැයි ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ, කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ එම විශේෂඥ වෛද්‍යවරුන් පිරිස අතර පැවති හමුවකදීයි.

එම විශේෂඥ වෛද්‍යවරුන් පිරිස යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට පෙන්වා දී ඇත්තේ; කොරෝනා ආසාදිතයින් කැමැත්තක් දක්වන්නේ නම්, ඔවුන්ට පෞද්ගලික රෝහල්වලින් ප‍්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව ලබාදිය යුතු බවයි.

කොවිඞ් මර්ධන කාර්ය සාධන බළකාය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අනෙකුත් බළධාරීන් සමඟ සාකච්ජා කර ඒ පිළිබද තීරණයක් ගන්නා බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.

මේ අතර මේවනවිට; මෙරට තුළ Covid – 19 ප‍්‍රතිකාර මධ්‍යස්ථාන 62 ක් කි‍්‍රයාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් හේමන්ත හේරත් පැවසුවේ එම රෝගීන් වෙනුවෙන් දැඩිසත්කාර ඒකක 15 ක්ද කි‍්‍රයාත්මක බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More