දේශීය පුවත්

මෙරටට පාම් ඔයිල් ආනයනය කළ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක් නිසා ශ්‍රී ලංකා රේගුවට රුපියල් මිලියන 6130 ක් අහිමිව ඇති බව පාර් ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය විය.

ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය නිසා 2013-2016 අතර කාල පරිච්ඡේදය තුළ නිවැරදි භාණ්ඩ සංයෝජිත වර් ගීකරණ අංක යටතේ නිෂ්කාෂණය නොකිරීමෙන් මෙම මුදල අහිමිව ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව විගණන විමසුමකින් හෙළිදරව් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රජයේ ගිණුම් කාරක සභාව හමුවට ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් පැමිණි සිටියහ.

තවද රු.මි. 9 කට ආසන්න වටිනාකමකින් යුතු සුඛෝප‍භෝගී මෝටර් රථයක් විශේෂ කාර්ය වාහන කාණ්ඩය යටතේ රු.මි. 1.5 ක බද්දක් පමණක් අය කරගනිමින් ශ්‍රී ලංකා රේගුව විසින් මුදවා හැරීමද කමිටුවේ අවධානයට ලක්විය.

ආනයන සහ අපනයන ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකා රේගුවේ ප්‍රමාණවත් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම සහ පරිපාලනයේ හිඩැස් නිසා එකම ආනයනකරුවකු විසින් අවස්ථා හයකදී රු.39,335,091 වටිනා සුවඳ විලවුන් අඩංගු බහාලුම් හයක් බටහිර ඖෂධ ලෙස ප්‍රකාශ කර වංචා සහගතව නිදහස් කරගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් 40,761,600ක අහිමිවීම සහ එම වංචාවට සම්බන්ධ වූ නිලධාරීන්ට ප්‍රමාණවත් දඬුවම් ලබාදීමටද කටයුතු නොකිරීමද මෙහිදී අනාවරණය කෙරිණී.

එම රැස්වීමට කෝපා කමිටුවේ සාමාජිකයන් වන අමාත්‍ය දයාසිරි ජයසේකර , ශෙහාන් සේමසිංහ ,ප්‍රසන්න රණවීර යන මහත්වරුන් ද ,මන්ත්‍රීවරයන් වන තිස්ස අත්තනායක ,අශෝක අබේසිංහ , මහාචාර්ය රංජිත් බණ්ඩාර, ආචාර්ය හරිනි අමරසූරිය , වෛද්‍ය උපුල් ගලප්පත්ති ,එස්.ශ්‍රිධරන්, නිරෝෂන් පෙරේරා , ගාමිණී වලේබොඩ , ගුණපාල රත්නසේකර සහ වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More