මැලේසියාවේ පොලිස්පති අබ්දුල් හමීඩ් බදෝඩිට වෙඩි තබන බවට තර්ජනය කරමින්; තමා එල්ටීටීඊ සංවිධානයේ නව අණදෙන නිලධාරියා යැයි පවසන පුද්ගලයා සොයා මැලේසියාවේ පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මේ තැනැත්තාගේ තර්ජනය කිරීම් ඇතුළත් ඊමේල් පණිවිඩ මාධ්‍ය වෙත යවා ඇති බවත්; ඉන් බුකිත් අමාන් පොලිස් මූලස්ථානයට හා ආරක්ෂක අමාත්‍යංශයට ප්‍රහාරයක් එල්ල කරන බවටද දැනුම් දී තිබෙන බවත් එරට බුකීත් අමාන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හුසීර් මොහොමඩ් සඳහන් කර තිබේ.
මැලේසියානු පොලිස්පතිවරයාට තර්ජනය කරමින් ඊමේල් පණිවිඩ එවන්නේ තනි පුද්ගලයකු බව පෙන්වා දෙන එරට ඇතැම් මාධ්‍ය එම පණිවිඩ හරහා ශ්‍රී ලංකාව තුළ ද ප්‍රහාර එල්ල කරන බවට ද දැනුම් දී තිබෙන බව සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...