අධ්‍යාපන අමාත්‍යාංශය තුල නොසන්සුන්තාවයක් ඇති කරමින්; අධ්‍යාපන පරිපාලන කේෂ්ත්‍රයේ පළමු පන්තියේ තනතුරක් වන, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා සහ සෞඛ්‍ය පරිපාලන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සුදුසුකම් නොමැති අනිල් වීරසිංහ නැමැත්තෙකු පත් කර ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
එම තනතුර සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවට වාර්තා වන බව අද (04) පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එවැනි තනතුරක පත්වීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී නොමැති බවත් තමාගේ අත්සනින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර නොමැති බවත් ඊට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය.
කෙසේ වූවද; ඊයේ (03) ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණේ, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා සහ සෞඛ්‍ය පරිපාලන අංශය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු බාරයට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බවත්, ඒ අනුව එහි ප්‍රථම ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධූරයට නිර්දේශ වී ඇත්තේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ උප සභාපති අනිල් වීරසිංහ මහතා බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...