දේශීය පුවත්

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ විමලවීර දිසානායක වැනි රාජ්‍ය ඇමැතිවරු ජනතාවට, සතුන්ට හුස්ම ගැනීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ගැටගසා තැබිය යුතු බව පවසා සිටියහ.

‘සුරකිමු ශ්‍රී ලංකා’ සංවිධානය විසින්, රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක මහතා පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේදී වනජීවී නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියට සහ එම වනෝද්‍යානය මැදින් මාර්ගයක් සකස් කිරීමට සැලසුම් කිරීම සම්බන්ධව විරෝධය පා පරිසර අමාත්‍යාංශය ඉදිරිපිටදී පෙරේදා (02 වැනිදා) විරෝධතාවක් පවත්වන ලද විරෝධතාව අතරතුරදී අදහස් දැක්වූ පාහියංගල ආනන්ද සාගර හිමියෝ

‘‘මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. මේ තත්ත්වයට වගකිව යුත්තේ ජනාධිපති, අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලය හා පරිසරය ගැන හැඟීමක් නැති නූගත් නිලධාරීන් පැලැන්තියයි. මේ වෙද්දි පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ඉතාමත් බරපතල විදිහට විනාශ කරමින් පවතිනවා. වනෝද්‍යානයේ මහවැලි ගඟ ආශ්‍රිතව අති දැවැන්ත වැලි ජාවාරමක් සිදුවෙනවා. මේ පිටුපස ඉන්නේ රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහයි. ඔහුගේ ක්‍රියාකලාපයයි මේ වනාන්තර පද්ධතියේ විනාශයට හේතුවී තිබෙන්නේ. මේ විනාශයේ ඉත්තෙක් බවට රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක පත්වී තිබෙනවා. ඔහු පසුගිය දිනයක වනජීවී නිලධාරීන්ට තර්ජනය කරනු ලැබුවා. අපි ඔහුට අභියෝග කරනවා හැකිනම් එදා නිලධාරීන්ට දාපු චණ්ඩි පාට් අපිට දාන්න කියලා. අපි ඔය සද්දවලට බය නෑ. පරිසර ප්‍රශ්නවලදී සංවේදී විය යුතුයි. විමලවීර දිසානායක රාජ්‍ය ඇමැතිවරයා තමන් කරන ලද වැරැද්දට ජාතියෙන් සමාව ගත යුතුයි.

තකතීරු ඇමැතිවරු නිසා මේ රටේ පරිසර ගැටලු තවදුරටත් වැඩිවීමට ඉඩ දෙන්න බෑ. විමලවීර දිසානායක වැනි රාජ්‍ය ඇමැතිවරු ගැටගසා තැබීමට ජනාධිපති කටයුතු නොකරන්නේ නම් පරිසර සංවිධාන ලෙස අපට ඔහුව ගැටගසන්නට සිදුවෙනවා.’’ යනුවෙන් පවසූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More