දේශීය පුවත්

සියලුම පොලිස් නිලධාරීන්ගේ අතිරේක දීමනාව (බටා) වැඩි කර ආහාර සඳහා ද ගෙවීමක් කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර ඊයේ (03වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

දැනට පොලිස් කොස්තාපල්වරයෙකුට අතිරේක දීමනාව ලෙස ගෙවන්නේ රුපියල් නවදහස් අටසියයක් සහ රුපියල් එකොළොස් දහස් දෙසීයක් අතර දීමනාවක් බව කී ඇමැතිවරයා ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකුට රුපියල් දාහතර දහසක අතිරේක දීමනාවක් ලැබෙන බව ද කීය. මෙම මුදල වැඩි කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත්කර ඇතැයි කී හෙතෙම එහි නිර්දේශ මත දීමනා වැඩි කරන බව ද පැවැසුවේය.

ත්‍රීවිධ හමුදා සාමාජිකයන්ට ලබා දෙන ආකාරයට පොලිස් නිලධාරීන්ටද ආහාර දීමනාවක් ගෙවීමට කටයුතු කරන බව ඇමැතිවරයා වැඩි දුරටත් පැවැසුවේය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී (පොජපෙ) ශාන්ත බණ්ඩාර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. යහපාලන රජය විසින් පොලිස් නිලධාරීන්ට එක් මාසයක් පමණක් අතිරේක දීමනාව ගෙවා ඉන්පසු එය අවලංගු කළ බවය. එසේ අවලංගු කළ දීමනාව යළි ලබා දෙනවාදැයි මන්ත්‍රීවරයා විමසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More